30 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

බසයේ පසුපස රෝදයට යටවි යතුරු පැදියේ ගමන් ගත් දෙදරු පියා ජිවිතක්ෂයට…

ධාවනය වෙමින් තබු පෞද්ගලික බස් රථයේ පසුපස රෝදයට යටවි දෙදරු පියෙකු (15) දින ජිවිතක්ෂයට පත් වු බව තලවාකැලේ පොලිසය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත්වි ඇත්තේ තලවාකැලේ ලිදුල මෙරායා ප්‍රදේශයේ පදිංචි  නටරාජ් සෙල්වදොරෙයි නැමැති (46) දෙදරු පියෙකි.

(15) දින උදැසන 6.40 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ තලවාකැලේ නගරයේ වටරවුම් මාර්ගයේදිය.

තලවාකැලේ සිට පුඩලුඔය දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථය වටරවුම් මාර්ගයේදි සංඥා නොදමා එක් වරම දකුණු පසට හරවන අවස්ථාවේ පසුපසින් පැමිණි යතුරුපැදි කරු බස් රථය ඉස්සර කර යාමට උත්සහ කල අවස්ථාවේ යතුරු පැදි කරු යතුරු පැදිය සමග බස් රථයේ පසුපස රෝදයට යටවිමෙන් පසු  බරපතල ලෙස තුවාල ලබා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ප්‍රතිකාර සදහා රැගෙන යන අවස්ථාවේ යතුරු පැද කරු ජිවිතක්ෂයට පත් වු බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය කියා සිටියේ.

අනතුර සම්බන්දයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරා සැතපිට අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරපත් කරන ලෙස ද තලවකැගේ පොලසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ආණ්ඩුවේ ප්‍රධානතම ගැටළු ගැන ගෝඨා කියයි

Shiran Viraj

කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

Shiran Viraj

Facebook භාවිත කිරීම හරහා ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ යයි

Shiran Viraj
Translate »