28.4 C
Colombo
2026-09-02
mediahumanrights.lk
LIFELIFE NEWSNews

ආත්‍රයිටිස්‌ රෝගයට දින දොළහේ කසාය

ප්‍රශ්නය – ආත්‍රයිටිස්‌ රෝගය සඳහා අද ඔබ අපට දෙන කසාය කුමක්‌ද?
වෛද්‍ය වසන්ත උදයජීව – දේවදාර, තිප්පිලි, පත්පාඩගම්, රසකිඳ, බෙලි මුල්, ඇත්දෙමට මුල්, පාවට්‌ටා මුල්, අරත්ත අල, සුදුලූනු, උළුහාල්, සූදුරු, මහදුරු, කලං එක බැගින් ගෙන වතුර කෝප්ප අටක දමා, එය කෝප්ප එකට සිඳුවා, සීනි මී පැණි දමා උදේ සවස පානය කළ යුතුයි. දින 12 ක්‌ මෙය පානය කළාම සන්ධි වේදනාව, සන්ධි ඉදිමුම යනාදිය පහව යනවා.
ප්‍රශ්නය – මෙහි තිබෙන ඖෂධ වර්ග ශරීරය කෙරෙහි බලපාන්නේ කොහොමද?
වෛද්‍ය වසන්ත උදයජීව – දේවදාර ගස උද්භිද විද්‍යාත්මකව හඳුන්වන්නේ Cedrus deodara කියන නමින්. ඉන්දියානු අර්ධද්වීපය සහ රුසියානු කලාපයට ආවේණික බවක්‌ මෙහි තිබෙනවා. දේවදාර යන වචනයේ තේරුම දිව්‍යමය ගස කියන එකයි. මළ බද්ධය, ආම දොaෂ. දිවා කාලයේදී නිදිමත හට ගැනීම, කල් පවතින ඉක්‌කාව, උණ, ලේවල හටගන්නා දෝෂ, දියවැඩියාව. පීනස, කැස්‌ස, ඇඟ කැසීම, වාත දොaෂ යනාදියට දේවදාර ගසේ කොටස්‌ ප්‍රතිකාර වශයෙන් යොදා ගන්නවා.
තිප්පිලි – Piper longum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන තිප්පිලි ආයුර්වේදයේ ආරම්භයේ සිටම පාවිච්චි කෙරන ඖෂධයක්‌. ක්‍රි. පූ. 5 වැනි සියවසේදී ඉන්දියාවෙන් ගෙනා තිප්පිලි නූතන වෛද්‍ය විද්‍යාවේ පියා වන හිපොක්‍රටිස්‌ විසින් ගී්‍රසියට ගෙන ගොස්‌ ඖෂධයක්‌ ලෙස හඳුන්වා දුන්නා. උණට, සෙම්ප්‍රතිශ්‍යාවට, කැස්‌සට, ඉතාම හොඳ ඖෂධයක්‌ ලෙස මෙය හඳුන්වා දිය හැකියි. එසේම පෙනහළු ආබාධවලටත්, ආහාර දිරවීමටත් රාත්‍රි කාලයේදී නින්ද නොයැමටත්, ආත්‍රයිටිස්‌ රෝගයටත් ප්‍රතිකාර කිරීමේදී වසර දහස්‌ ගණනක පටන් තිප්පිලි යොදා ගත්තා. මෙය දියවැඩියාවටත් ගුණ දෙනවා.
පත්පාඩගම් – සෙම් රෝග සමනයට ඉතාම සුදුසුයි.
ඇත්දෙමට – මෙය තම්බා බීමෙන් ආහාර රුචිය ඇති වෙනවා. මළ බද්ධය. අර්ශස්‌ සුව කිරීමට මෙය ඖෂධයක්‌ වශයෙන් යොදා ගන්නවා. මේ මගින් මුත්‍රා අඩස්‌සියටත් ඖෂධයක්‌ තනනවා. ආම වාත රෝගයට හා උණට ඉතාම ශුභයි.
අරත්ත – මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Alpinia calcarata යන්නයි. කප සහ වාත දොaෂ සඳහා ඉතාම ගුණදායක ඖෂධයක්‌. ඉඟුරු කුලයට අයත් ශාකයක්‌.
(මෙම වට්‌ටෝරුවේ ඇති සෙසු ඖෂධවල උද්භිත විද්‍යාත්මක සහ ඖෂධීය විස්‌තර ඉකුත් සතිවල මේ පිටුවේ පළ වූ ලිපිsවල අන්තර්ගත විය.)

Related posts

'පැරදුනහම නිදහසට කරුණු වැඩක්‌ නැහැ' සනත් ජයසූරිය

Shiran Viraj

කරූ ජනාධිපති අපේක්‍ෂක වුනා නම් ජවිපෙ සහායත් ලබා දෙන්නට එකග වෙලා..

Shiran Viraj

ECT උණුසුම මැද ඉන්දීය පසමිතුරු පාකිස්තාන අගමැති ලංකාවට.. පාර්ලිමේන්තුවත් අමතයි..

Shiran Viraj
Translate »