31.4 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

"මෙතෙක් නොගත් දැඩි තීරණයක් අද ගන්නවා" -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

සයිටම් ගැටළුව පිළිබඳව රජයේ ස්ථාවරය පිළිගත නොහැකි බැවින් යළි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ පිළිබඳව ද විශේෂ මධ්‍යම කාරක සභා සාකච්ඡාවක් අද (29) උදෑසන පැවැත්වෙන බවයි එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද නෙත් නිවුස් වෙත කියා සිටියේ.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “අද දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වෙනවා. සයිටම් අර්බුදය ගැන එහිදී ඉදිරි තීන්දු තීරණ ගන්නවා. බොහෝවිට එම තීරණ ඉතා දැඩි ඒවා වෙයි. මේ වන විට දිවයින පුරා පවතින අපගේ ශාඛා සංගම්වල රැස්වීම් පවත්වලා ඔවුන්ගේ යෝජනා සහ අදහස්  අද මධ්‍යම කාරක සභාව වෙත ලැබීමට නියමිතයි. ඒ මත අපගේ තීරණය ඉතා දැඩි වෙයි.” යනුවෙනි.
කෙසේවෙතත් සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවබෝධයක් ඇතිව කටයුතු කළ යුතු බවයි ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..

Shiran Viraj

ත‍්‍රිපෝෂ කම්හල වසා දමයි… අනෙක් සියළු පෝෂ ආයතන වැසී යාමට ආසන්නයි..

Shiran Viraj

අමෙරිකාවට තවත් ඛේදවාචකයක් කඩා වැදීමට යයි

Shiran Viraj
Translate »