mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

දිනක්ෂිව පුදුම කළේ විශේෂ කෙනෙක්ද?

දිනක්‍ෂි ගොඩක් කාර්යබහුලයි වගේ?
ඔව්. ‘කවුරුන්ද නුඹ මගේ’ ටෙලි නාට්‍යය මේ දවස්වල විකාශය වෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙක තුනකම වැඩ.
වැඩ වැඩිපුර ලැබෙනවද? නැත්නම් දිනක්‍ෂි වැඩ වැඩිපුර කරනවද?
මම ඉතිං වෙනදා වගේම නිර්මාණවලට දායක වෙනවා. වැඩත් සාමාන්‍ය විදියට ලැබෙනවා.
දිනක්‍ෂිට දැන් විදෙස් ප්‍රසංගවලටත් ආරාධනා ජයයි වගේ නේද?
මම අවුරුද්දකට විදෙස් ප්‍රසංග දෙක තුනකට විතර යනවා. ඉතිං පසුගිය දවස්වල මම ඕස්ට්‍රේලියාවට ගියා ටෙලි තරු රැසක් ප්‍රසංගය වෙනුවෙන්. ක්ෂේත්‍රයේ තවත් හිතවතුන් කිහිපදෙනෙක්ම ඊට සහභාගි වුණා.
ඕස්ට්‍රේලියා ගිහින් දිනක්‍ෂි නටපු නැටිලි හරි හරියට මෙහෙත් ජනප්‍රිය වුණා.විශේෂයෙන්ම සාරංග එක්ක ඉදිරිපත් කරපු නර්තනය?
මම ඒ ප්‍රසංගයේදී සාරංග අයියා එක්ක වගේම විශ්ව අයියා, කාවිංග අයියා එක්කත් නර්තන අංග දෙකක් ඉදිරිපත් කළා. ඒ වගේම තනියමත් නර්තන අංග ඉදිරිපත් කළා. එක නර්තනයක් විතරක් විශේෂ වෙන්න බෑ. කොහොම වුණත් ඡායාරූපයක් බලලා කිසිම දෙයක් විනිශ්චය කරන්න බෑ.
ඕස්ට්‍රේලියානු සංචාරයේදී දිනක්‍ෂිගේ ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොයි වගේද?
මගේ ප්‍රේක්‍ෂකයන්ගෙන් මට කාලයක ඉඳන් මැසේජ් ආවා. ඕස්ට්‍රේලියාවට එන්න කියලා. මොකද මම වෙනත් රටවලට ගිහින් තිබ්බට ඕස්ට්‍රේලියාවට ගියේ පළමුවැනි වතාවට. ඔවුන්ගෙන් ලැබුණු ආදරය කියලා නිම කරන්න බෑ. පුදුම චියර් එකක් ලැබුණේ. තෑගි ගොඩකුත් මට ලැබුණා. ඔවුන්ගේ ආදරය ඒ විදියට ලැබෙද්දී පුදුම සතුටක් තියෙන්නේ.
ඒ කියන්නේ ලංකාවෙන් පිටට ගියත් දිනක්‍ෂිට ප්‍රේක්‍ෂක ආදරේ අඩුවක් නැතුව ලැබෙනවා නේද?
ඔව්. ලංකාවේ ඉන්න මගේ ප්‍රේක්‍ෂකයන්ගෙන් වගේම විදේශගතව ඉන්න මගේ ප්‍රේක්‍ෂකයන්ගෙනුත් එක වගේම ආදරයක් මට ලැබෙනවා.
ලංකාවට ආවට පස්සේ දිනක්‍ෂිගේ උපන් දිනේටත් සප්‍රයිස් ගොඩක් ලැබුණා කියලා ආරංචියි?
මට හිතාගන්න බෑ. උදේ ඉඳන්ම ගොඩක් අය මාව සප්‍රයිස් කළා. ප්‍රඩක්ෂන් ටීම්වල කට්ටියත් මාව සප්‍රයිස් කළා. ඒ විතරක් නෙවෙයි ගෙදර එද්දී පොඩි නංගි බර්ත්ඩේ පාටි එකක් ලෑස්ති කරලා. ක්ෂේත්‍රයේ අය ගොඩක් ඒ පාටියට ආවා.
ශනුද්‍රි පොඩි වුණාට ලොකු වැඩක් නේද ඔයාව සප්‍රයිස් කරන්න කරලා තියෙන්නේ?
ඔව්. ඇත්තටම මට ඒක හිතාගන්නවත් බැරි වුණා. අම්මා කිව්වා ගෙදරට කට්ටියක් එනවා. ඒ නිසා ඉක්මනට ගෙදර එන්න කියලා. නංගි වෙනදට මගෙන් සල්ලි ඉල්ලගෙන තමයි යන්නේ. එයා මේ වගේ දෙයක් කළාම මට පුදුමයි. අම්මයි තාත්තයි නංගියි එකතු වෙලා ක්ෂේත්‍රයේ හිතවතුන්ට පාටි එකට ආරාධනා කරලා තිබ්බා.
දිනක්‍ෂි සප්‍රයිස් කරපු විශේෂ කෙනෙක් නැද්ද?
තාම නැහැ. විසි එක්වැනි බර්ත්ඩේ එකේදී නම් එහෙම විශේෂ කෙනෙක් හිටියා. දැන් නැහැ.
එහෙම විශේෂ කෙනෙක් ජීවිතයට
එකතු කරගන්න බලාපොරොත්තුවක් නැද්ද?
තාම එහෙම බලාපොරොත්තුවක් නැහැ. මට වැඩ වැඩියි. ඒ නිසා මට තව කෙනෙක් පරිස්සම් කරගන්න වෙලාවක් නැහැ.
දිනක්‍ෂි එක්ක එකට වැඩ කරන්න ගොඩක් රංගන ශිල්පීන් කැමැතියි. ඔයාටත් රංගනයේදී එකට වැඩ කරන්න විශේෂ වුණ රංගන ශිල්පීන් ඉන්නවද?
මට කවුරු එක්ක වුණත් රඟපාන්න ප්‍රශ්නයක් නැහැ. මාත් එක්ක රඟපාන්න තෝරගෙන ඉන්න කෙනා කවුද කියලා ඇහුවට ඒ කවුරුවත් ගන්න එපා කියලා මම කියන්නේ නෑ. අධ්‍යක්‍ෂවරයා නිෂ්පාදකවරයා තෝරලා දෙන කෙනා එක්ක මම රඟපානවා.
දිනක්‍ෂි ළඟින්ම ආශ්‍රය කරන රංගන ශිල්පීන් කවුද?
හැමෝම වගේ යාළුවෝ. මම කාවිංග අයියව ළඟින්ම ඇසුරු කරනවා. දුකට සැපට දෙකටම ඉන්න කෙනෙක් තමයි කාවිංග අයියා. මාධවත් මගේ හොඳ යාළුවෙක්. මේ හැමෝම මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ලා වගේ. මොකද එයාලා එක්ක ෆොටෝ එකක් ගත්ත ගමන් ගොඩක් අය හිතන්නේ ඒ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. මම ඉතිං ඒ අයට ඕන දෙයක් කියන්න දීලා ඉන්නවා.
අලුත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණේ නැද්ද?
අනුරුද්ධ ජයසිංහගේ ‘මා’ චිත්‍රපටයේ රූගත කිරීම් භාගයක් කරලා ඉවරයි. විශ්ම කියලා අලුත් චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. ඒකෙත් රූගත කිරීම් තව ටිකක් කරන්න තියෙනවා.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

කාලගුණයෙන් රතු නිවේදනයක්

Shiran Viraj

අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video]

Shiran Viraj

අපේක්ෂකයන්ට නොමිලේ තැපැල් පහසුකම්…

Shiran Viraj
Translate »