28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNewsPolitical

DLB හා NLB ගත්තේ දූෂණ නවත්වන්න

මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ ලොතරැයි මණ්ඩල දෙක විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගත්තේ ඒ තුළ සිදුවන වංචා දූෂණ නැවැත්වීමට බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අද(25) මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තමන් මුදල් අමාත්‍යාංශයේ කටයුතු කරන කාලයේ එහි සිදුවූ දූෂණ වංචා අවම කිරීමට කටයුතු කළ බවත්, මේ හේතුවෙන් අලාභ ලැබූ ආයතනය රුපියල් මිලියන 300ක වාර්ෂික ලාභයක් ලැබූ බවද හෙතෙම පවසා සිටියේය.
මේ හේතුවෙන් එම ආයතන දෙක විධිමත්ව පවත්වා ගෙන යෑම සඳහා එම ආයතන දෙක තමන් යටතට ගත් බවත්, ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ කිසිදු විරෝධයක් නොමැති බවත් එම මහතා වැඩි දුරටත්  පවසා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ගන්න දෙමළ පක්ෂ නියෝජිතයින් උතුරේ දී සාකච්ඡාවක

Shiran Viraj

රන්ජන්-ඉන්දික ගැටුමේ හොදම ටික මෙන්න

Shiran Viraj

කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක්..

Shiran Viraj
Translate »