28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
NewsPolitical

මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..

ජාතික ජන බලවේගය රටට පැවසූ බොරු එකින් එක ඔප්පු වෙද්දී මාධ්‍යවලට තර්ජනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මොරවක ප්‍රදේශයේදී පැවැති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

“වැඩ කරපු අපි පරාජයට පත්වුණා, 76 අවුරුද්දක ශාපයක් ගැන කතා කරපු, පන්සලක් පල්ලියක් බෝක්කුවක් හදපු නැති දේශපාලන බලවේගයක් දිනුවා. බලයට ඇවිල්ලා ඉස්ඉස්සෙල්ලාම කළේ තමන් කරන්නෙම නෑ කියපු IMF ගිවිසුමට අත්සන් කළා. මං හිතන්නෙ නෑ අවංකවම අතිගරු ජනාධිපතිතුමාට හෝ ආණ්ඩුවට ඒක කියවන්න වෙලාවක් තිබ්බා කියලා.

මොකද ඉන්නෙත් තුන්දෙනයි, තිබ්බෙත් හෝරා කීපයයි, හැබැයි දැන් කියනවා අපි IMF එකත් එක්ක තව දුරටත් සාකච්ඡා කරනවා ලු. ඕනෙම කෙනෙකුට තියෙන සාමාන්‍ය දැනීම තමයි ඕනෙම ගිවිසුමක් අත්සන් කරලා සාකච්ඡා කරන්න බෑ. එහෙනම් අත්සන් කරන්න කලින් සාකච්ඡා කරන්න ඕනෙ.

තමන් පොරොන්දු වෙච්ච ඒවා ක්‍රියාත්මක කරන්න බැරිවෙනකොට, ඒවා බොරු කියලා සමාජයේ ඔප්පු වේගෙන එනකොට මාධ්‍යයට තර්ජනය කරනවා. ජඩමාධ්‍ය පරිස්සම් වෙලා ඉන්න කියලා ප්‍රසිද්ධ වේදිකාවේ කියනවා.

මැතිවරණ නීති ක්‍රියාත්මක කරන්න පොලිසියේ මහත්තුරු ගිහිල්ලා පෝස්ටරයක් ගැලෙව්වාම පෝස්ටරය ඉරපු කෙනාට ප්‍රසිද්ධියේ බනිනවා. මේක තමයි අද වර්තමාන ආණ්ඩුවේ මේ සති පහ හය ඇතුළත අපට දකින්න තියෙන දේ”

Related posts

වතුකරයේ අඩු වයස් ගැබ්ගැනීම් වැළැක්වීම සඳහා තරුණ පිරිස් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සාමිමලේදී

Shiran Viraj

ඉන්ධන නෑ.. ධීවරයෝ මුහුදු යාම නවතති.. යාත‍්‍රා ගොඩට ඇද දමති..

Shiran Viraj

ජීවි­තය ගැන කල­කිරී කන්‍යා සොයු­රි­යක් ‍වෙන්න සිතුණා

Shiran Viraj
Translate »