mediahumanrights.lk
Local NewsNews

අංක තහඩු නැති කැබ් රථයකින් ඇවිත් රැළියට යන බස් රථයකට පහරදෙයි

කොළඹ පැවත්වෙන “ජනබලය කොළඹට” රැළියට යමින් තිබූ පෞද්ගලික බස් රථයකට අංක තහඩු රහිත කැබ් රථයකින් පැමිණි මැර පිරිසක් විසින් අද (05) උදෑසන පොලූ මුගුරුවලින් පහරදී ඇතැයි වාර්තා වෙනවා.

හාලිඇල බෝගහමඩිත්ත ප‍්‍රදේශයේ දී මෙම සිද්ධිය ඇති වී තිබෙනවා. අළු පැහැති කැබ් රථයකින් පැමිණි පස් දෙනකුගෙන් යුත් මැර පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

මෙම පහරදීමෙන් පසු එම අවස්ථාවේ බස් රථයේ සිටි පිරිස්, කොළඹ රැළියට යමින් තිබූ වෙනත් බස් රථයකට නංවා කොළඹ යවා ඇති බවත් සඳහන්.

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරාගේ ආධාරකරුවන් පිරිසක් අදාළ බස් රථයේ සිට ඇති බවයි වැඩි දුරටත් අනාවරණය වෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කලාව පෙම්වතිය කරගත් පුංචි තිරයේ හැඩකාරයා

Shiran Viraj

අම්මා හැර ගිය පසු තාත්තා සමඟ තනිවූ පුංචි දුවට වෙච්ච දෙයක් නෑ- මහ රෑ දැරිය මොර දුන් බව අසල් වැසියෝ කියති

Shiran Viraj

කුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – Video

Shiran Viraj
Translate »