30.4 C
Colombo
2026-08-06
mediahumanrights.lk
Local NewsNews

සුනාමි සමරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්…

මෙවර “ජාතික සුරක්ෂිත දිනය” දෙසැම්බර් 26 වන දින දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ ආරක්ෂක ලේකම්තුමා ඇතුලු රාජ්‍ය නිළධාරින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජා සහභාගිත්වයෙන් පැවැත්වැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

2004 වර්ෂයේ සිදුවූ සුනාමි ව්‍යයසනයට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් ගොදුරු වු අතර මිය ගිය සංඛ්‍යාව 35,000 ක් පමණ වේ. එම නිසා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපක් කිරීම සදහා 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2006 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදාවලට ගොදුරුවීමෙන් මියගිය මහ ජනතාව සිහිපත් කරමින් දෙසැම්බර් මස 26 වන දින පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට කටයුතු කරනු ලැබේ.

2022 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින ˝ජාතික සුරක්ෂිත දිනය” වෙනුවෙන් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය මහ ජනතාව සිහිපත් කිරීම සදහා දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත. පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ජනාතාව සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවත්වා ගෙන යා යුතුව ඇත.

– DMC

Related posts

ඉන්දියාවෙන් ලංකාවට තවත් නැවක්

Shiran Viraj

රටම සංචරණ සීමා පනවා තිබියදී කොටසක් ලොක්ඩවුන් කරයි…

Shiran Viraj

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Shiran Viraj
Translate »