mediahumanrights.lk
Local NewsNews

දුම්රියට බිලිවූ කොට්ටාවේ සිසුවියට අවසන් මොහොතේ එස්.එම්.එස් කළ මිතුරිය කවුද ? – මරණය ගැන පියා කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය

කොට්ටාව ප්‍රදේශයේදී දුම්රියට ගෙල තබා දිවි නසාගත් සිසුවියක් සම්බන්ධයෙන් ඉකුත් දා තොරතුරු වාර්තා වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය මාකුඹුර ප්‍රදේශයේ පදිංචි සවින්දි පබසරා නැමති සිසුවියක්.
ඇය ජීව විද්‍ය අංශයෙන් මෙවර උසස්පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතයි.
ඇය නුගේගොඩ පුද්ගලික උපකාරක පන්තියකට ගොස් ආපසු එමින් සිටිදී මෙලෙස මියගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇගේ පියා සඳහන්කර ඇත්තේ මෙම මරණය පිළිබද සැකයක් පවතින බවයි.
” මගේ දුවට කෝච්චියට බෙල්ල තියලා මැරෙන්න තරම් ප්‍රශ්ණ තිබුනෙ නෑ. මට මේ මරණය සැකයි. කවුරුහරි දුවව පැහැරගෙන ඇවිත් මේ මරණය කලාද කියලා මට හිතෙනවා. දුව පන්ති ඉවර වෙලා මගේ බිරිඳටයි පුතාටයි කෝල් කරලත් තියෙනවා ” මම දැන් එන ගමන් කියලා” යනුවෙන් පියා ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේවෙතත් කැළණිවැලි දුම්රියේ රියදුරා ප්‍රකාශකර ඇත්තේ අදාල සිසුවිය දුම්රිය මාර්ගයට ගෙල තබාගෙන සිටි බවයි.
දුවගේ උරහිසේ පොත් බෑග් එක තිබ්බා. කලිසම් සාක්කුවේ ෆෝන් එක තිබ්බා. දුම්රියට පනින අය බෑග් එල්ලන් පනින්නේ නෑ. අනික මගේ දුව ෆෝන් එක සාක්කුවේ දාගන්නෑ.. ඒක එයා බෑග් එකේ දාගන්නේ. දුවගේ පාවහන්වල මඩවත් නෑ. කවුරුහරි එයාව පැහැරගෙන ගිහින් තියෙනවා. මේ සිද්ධිය වෙන්න කලින් දුව යාලුවෙක් එක්ක එස් එම් එස් පණිවිඩ හුවමාරු කරගෙනත් තියෙනවා
(under the courtesy of adaderana news web)

Related posts

බුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපති

Shiran Viraj

ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය

Shiran Viraj

පන්සල් වල ආදායම් කළමනාකරණය කිරීමේ ගැටළුවක් නෑ

Shiran Viraj
Translate »