26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

ඛනිජ තෙල් වෘත්තීය සමිති වෙතින් රතු එළියක්

ත්‍රීකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය විදේශ සමාගම්වලට පැවරීමට සිදු කර ඇති සැලසුම්වලට එරෙහිව ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසයි.
එහි කැඳවුම්කර ඩී.ජේ රාජකරුණා මහතා කියා සිටියේ එම සංගමයේ විධායක සභාව ලබන සතියේ රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි.
අදළ ගැටළුවලට විසදුම් ලබාදීමට පියවර ගන්නා ලෙස බලකරමින් විෂය බාර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ද ලබාදි ඇති බව ඔහු සඳහන් කළේය.
අදාළ වාර්තාව ලබාදි සතියක් ගතවී ඇතැත් රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඩි.ජේ රාජකරුණා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…

Shiran Viraj

ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…

Shiran Viraj

ගෝල්ෆේස් විරෝධතාකරුවන්ගෙන් ටිල්වින්ට දැඩි විරෝධය…

Shiran Viraj
Translate »