2026-09-01
mediahumanrights.lk
Local NewsNews

කප්පම් ගන්න ගිය දෙදෙනෙක් දැලේ

කප්පම් ලබාගැනීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු මීරිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මීරිගම, ගිරිඋල්ල පාර පිහිටි ස්වර්ණාභරණ අළෙවිසැලක් වෙත දුරකථනයෙන් අමතා රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාදෙන ලෙස දන්වා ඇති බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් එම ආයතනයේ හිමිකරු විසින් මීරිගම පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ පොලීසිය අදාළ සැකකරුවන් මුදල් ලබාගැනීමට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරුගොඩැල්ල, ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හා 47 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

Shiran Viraj

දිවුලපිටියේ කාන්තාවට කොරෝනා ආසාධිත වූ අයුරු තවමත් ගැටලුවක් – මහජනතාවටත් විශේෂ පණිවිඩයක්

Shiran Viraj

ආර්ථිකය වර්ධනය කර ගැනීමට නම් වැඩි වශයෙන් කර්මාන්ත හා සේවා අංශයන් සඳහා අවධානය යොමු විය යුතුයි

Shiran Viraj
Translate »