mediahumanrights.lk
Local NewsNews

අධික වේගයෙන් රථය පදවා මරණයක් සිදු කර අධික වේගයෙන් පලා ගිය රගර් ක්‍රීඩකයා

රාත්‍රියේ අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කර වයෝවෘද්ධ පාපැදිකරුවකු යට කර පලා ගොස් තවත් වාහනයක ද හැප්පු කොළඹ ප්‍රධාන පෙලේ රජයේ පාසලක රගර් ක්‍රීඩා උපදේශකවරයෙකු හා දක්ෂ රගර් ක්‍රීඩකයෙකු රිමාන්ඩ් භාරයට පත් නොකර මුදා ගැනීමට කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු ජුලි 05 දක්වා රිමාන්ඩ් කිරීමටයි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ(28) නියෝග කළේ.
මේ මස 28 මෙම සිද්ධිය වූ අතර අධික වේගයෙන් පැමිණ ඒකල – මිනුවන්ගොඩ මාර්ගයේ අයිනේ පාපැදියෙන් ගමන් කළ 53 හැවිරිදි පුද්ගලයෙකු අනතුරට ලක් කර මිය ගිය පුද්ගලයා දෙසවත් නොබලා අධික වේගයෙන්ම පලා ගොස් ඒකලදී තවත් මෝටර් රථයක හප්පා පලා යාමට තැත් කිරීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුරේ නීතිඥයා පවසා ඇත්තේ ඔහු රිමාන්ඩ් වීමෙන් රගර් ක්‍රීඩාවට හා විදුහලේ පුහුණුවට බාධාවක් වන නිසා ඇප ලබාදෙන ලෙසයි.
සැකකරු වන්නේ ජා ඇල – කපුගොඩ ජූඩ් අසංක වික්‍රමරත්න නැමැත්තෙක්.
(under the courtesy of hirunews news web)

Related posts

බයනම් ගෙදර යන්න – ලියුම්වලට මම අත්සන් කරන්නම්..- ඇමති අර්ජුන සැරවෙයි

Shiran Viraj

අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..

Shiran Viraj

අටළුගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල් ගත කරයි

Shiran Viraj
Translate »