28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

CIDය ඇමතිනී විජයකලාගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි!

යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්‌විස්‌කුමාර් නමැත්තාට පළා යැමට උදව් කළා යෑයි චෝදනා එල්ලවී තිබූ ළමා හා වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන්ගෙන් පෙරේදා (09) දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය 5 ක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඇය පෙරේදා දහවල් 2.00 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා රාත්‍රි 7.00 පමණ වනතෙක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි පවසන්නේ.
විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ, ඝාතනයේ ප්‍රධාන සැකකරුවන ස්‌විස්‌කුමාර් ඇතුළු සැකකරුවන් 9 දෙනෙක්‌ මේ වන විට බන්ධනාගාරගතකොට සිටිනවා.
ඝාතනය සිදු වූ දින ප්‍රධාන සැකකරු වන ස්‌විස්‌කුමාර් නමැත්තා ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන පොලිසියට භාර දීමෙන් පසු ඔහුට පලා යැමට ඉඩහරින ලෙස පොලිසියට නියෝග දුන් බවට වූ චෝදනාව යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා බන්ධනාගාරගතකර සිටිනවා.
ස්‌විස්‌කුමාර් පලා යැමෙන් පසු ඔහු නැවත වැල්ලවත්ත ප්‍රදේශයේදී විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සිද්ධියේදී ප්‍රධාන සැකකරු පොලිස්‌ අත්අඩංගුවෙන් මුදා හැරීමට උදව් කළ බවටයි රාජ්‍ය ඇමැතිනියට චෝදනා එල්ල වී ඇත්තේ.
රාජ්‍ය ඇමැතිනිය පෙරේදා ගෙන්වා සිදුකළ විමර්ශනවලින් අනතුරුව වැඩිදුර වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසනවා.
(under the courtesy of nethfm news web)

Related posts

කාන්තාවකගේ හිස, අත්පා වෙන්කල ඝාතන සැකකරුගේ වාහනය සදතැන්න සද්ධර්ම විහාරයෙන් හමුවේ..

Shiran Viraj

ධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා – වෛද්‍ය හරිත අලුත්ගේ

Shiran Viraj

පානීය නොවන ස්ප්‍රීතු සඳහා බදු පැනවේ

Shiran Viraj
Translate »