mediahumanrights.lk
Local News News

නඩුවට ගෙනා සිරකරු නිලධාරීන්ගෙන් මිදී අධිකරණයේ වහලයටම යයි

අද (28) උදෑසන අධිකරණයට රැගෙන පැමිණි සිරකරුවෙකු එහි සිටි නිලධාරීන්ගේ ආරක්ෂාවෙන් මිදී අධිකරණ සංකීර්ණයේ වහලය මත නැග තිබෙනවා.
මෙම සිරකරුවා නැග ඇත්තේ දමුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වහලය මතටයි.
පල්ලේකැලේ බන්ධනාගාරයේදී තමන් දැඩි වද හිංසාවලට මුහුණ දෙන බව පවසමින් මෙම සිරකරුවා වහලය මත නැග තිබෙනවා.
මොහුට වසර 16 ක සිරඳඩුවමක් නියම වී ඇති බවද සඳහන්.
අදාළ සිරකරු වැසිකිළි යෑමට අවශ්‍ය බව පවසා ඇති අතර එහිදී ඔහු වැසිකිළියේ වහලයේ සෙවිලි ඉවත් කර මෙලෙස අධිකරණයේ වහලය මත නැග ඇති බවයි වාර්තා වුණේ.
(under the courtesy of nethfm news web)

Related posts

චන්දිම වීරක්කොඩිට නොකියා කරපු දෙයක් හෙළිකරයි

Shiran Viraj

ලංකාවට පැමිණි ක්‍රිකට් කණ්ඩායම ආන්දෝලනාත්මක වීඩියෝව ගැන කතා කරයි

Shiran Viraj

නවසීලන්ත-පාකිස්තාන තුන්වන තරගයේ අවසන් දිනය අදයි

Shiran Viraj