29.9 C
Colombo
2026-08-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

නාමල් – සුජානි – නිත්‍යා ට ඇප

ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම සමග කළ ගනුදෙනුවක දී රුපියල් මිලියන 30 ක මුදලක් විශුද්ධීකරනය කළේ  යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනකු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරනය අද (28) නියෝග කළා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බොගොල්ලාගම සහ  නිත්‍ය සෙනානි යන අය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට මහාධිකරන විනිසුරු පියසේන රණසිංහ නියෝග කළා
විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහකින් යුත් අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරනය වෙත භාර දී තිබෙනවා.
මෙම නඩුවේ දෙවැනි, හතරවැනි සහ හය වෙනි විත්තිකරුවන් වන ඉන්දික කරුණාජීව, ඉරේෂා සිල්වා අද දින මහාධිකරනය ඉදිරියේ පෙනී නොසිටි අතර එම විත්තිකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර සලකා බැලීමට නඩුව අගොස්තු මස 31 වැනි දා කැඳවීමට නියමිතයි.
මහාධිකරන විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා විසින්  කොළඹ  මහාධිකරනයේ නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට පවරා ඇති නඩුව සලකා බැලීමේන් අනතුරුවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,  සුජානි බොගොල්ලාගම, නිත්‍යා සෙනානි, ඉරේෂා සිල්වා සහ ඉන්දික කරුණාජීව යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධීකරනය වැළක්වීමේ පනත යටතේ මහාධිකරනයේ අධි චෝදනා ගොනු කර තිබෙනවා
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල සිට මහේස්ත්‍රාත් අධිකරනය මග හරිමින් සිටි ඉන්දික කරුණාජීව සහ ඉරේෂා සිල්වා යන අය අත්අඩංගුවට ගැනීමට අන්තර් ජාතික පොලිසිය හරහා විවෘත වරෙන්තු නිකුත් කිරීමටද මීට පෙර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරනය නියෝග කර තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

කෝලි සමඟ සටනට ඕස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක්

Shiran Viraj

පාසලක් අසල කාලතුවක්කු ගබඩාවක් හමුවෙයි…

Shiran Viraj

රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…

Shiran Viraj
Translate »