28.2 C
Colombo
2026-10-08
mediahumanrights.lk
International NewsNews

facebook අලුත් පිම්මක් පනී

ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව පිළිබඳ අලුත්ම දත්ත වාර්තා මේ වන විට හෙළි කර තිබෙනවා.
ඒ අනුව ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව බිලියන දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
එම සමාගම පවසන්නේ මේ වනවිට ලෝක ජනගහණයෙන් හතරෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් සෑම මාසයකම ෆේස්බුක් සමාජ ජාලය පරිශීලනය කරන බවයි.
ෆේස්බුක් සමාගම ආරම්භ කර වසර 13 කට පසුවයි එහි සාමාජික සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව ඉක්මවා ගියේ.
ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව බිලියනයේ සීමාව පසුකර ගියේ 2012 වසරේ ඔක්තෝම්බර් මාසයේයි.
ඉතිරි බිලියනයක සංඛ්‍යාව ෆේස්බුක් වෙත පැමිණීමට ගතවී ඇත්තේ වසර 5 ක් වැනි කෙටිකාලයක්වීමද විශේෂත්වයක්.
පවතින තත්ත්වය හේතුවෙන් ෆේස්බුක් සමාගම ඉකුත් මාසයේදි කුළී පදනම මත අලුතින් සේවකයින් තුන්දහසක්ද සේවයට බඳවා ගත්තා.
(under the courtesy of nethfm news web)

Related posts

ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසයි.. පොලිසියේ 04ක් නිරෝධායනයට..

Shiran Viraj

ලෝකයේ ගෑස් මිල ඉහළයි.. ඩොලරය ඉහල ගිහින්..- මෙරට ගෑස් මිල ගැන ප‍්‍රකාශයක්..

Shiran Viraj

පාකිස්ථානයට ලකුණු 32ක ජයක්

Shiran Viraj
Translate »