mediahumanrights.lk
NewsPolitical

නාමල්ගෙන් අයවැයට ටොක්කක්…

මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගියවර අයවැය තුළින් ද ගෙනආ යෝජනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) පස්වරුවේ සිය අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මේ බව පැවසීය.

“බැලූ බැල්මට බොහෝ කාරණා එතුමා ගියවර අයවැය තුළිනුත් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒවා ක්‍රියාත්මකවෙලා නැති බවක් පේනවා. ඉතින් නැවත වතාවක් ඉදිරිපත් කරලා තිබෙනවා.

එකම කාරණය දෙපාරක් කියවෙනවා කියලා කියන්නේ එය ප්‍රායෝගිකව බිම් මට්ටමේ ඉටුවෙලාද? නැද්ද? කියන ප්‍රශ්නය අපිට තිබෙනවා.

ඉතින් අපි බලන් ඉන්නවා මෙවර අයවැයත් එවැනි දේශනයකට පමණක් සීමාවෙන අයවැය ප්‍රකාශනයක් ද කියන කාරණය.

ඉදිරි කාලසීමාව තුළ මේ ගැන අධ්‍යයනය කරලා අපි අපේ අදහස් පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් කරන්නම්. අපි බලමු ජනාධිපතිතුමා ඒවා පිළිගනීද කියලා.

එතුමා ඇවිත් ඉන්නේ පොහොට්ටු ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා විදියට. එහෙමනම් අපේ ප්‍රතිපත්ති අයවැය යෝජනා තුළ තිබෙන්න ඕනේ. සුරංගනා කතා වැඩක් නැහැ.. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්.”

– Repoter

Related posts

සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කළ තවත් 7ක් අත්අඩංගුවට

Shiran Viraj

චාමර සම්පත් ගිණුමෙන් මුදල් ඉවත් කලේ මගේ උපදෙස් මතයි.. එය නිවැරදියි..- රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්

Shiran Viraj

ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ යාමට 47%ක අධික බදු බර බලපා ඇති බව රවී කරුණානායක මහතා පවසයි

Shiran Viraj
Translate »