28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
International News News

ඩයනා කුමරිය මැරුවේ මමයි – බ්‍රිතාන්‍ය බුද්ධි නිලධාරියා මරණ මංචකයේ සිට කරන පාපොච්චාරණය මෙන්න

ඩයනා කුමරියගේ මරණය සැලසුම් සහගතව සිදු කළ ඝාතනයක්‌ බවට   වරින් වර සැක මතුව තිබුණා.
අද වන විට එක්‌ පුද්ගලයකු ඒ සැකය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඒ ඔහුගේ මරණ මංචකයේ සිට කරන අවසන් පාපොච්චාරණයෙනි.
ඔහුගේ නම ජෝන් හොප්කින්ස්‌ය.
ජෝන් හොප්කින්ස්‌ M15 හෙවත් එක්‌සත් රාජධානියේ ආරක්‌ෂක හා බුද්ධිඅංශ අනු ආයතනයේ තිස්‌අට වසරක්‌ සේවය කර විශ්‍රාම ලැබූ නිලධාරියෙකි.
මේ වන විට අසූ වැනි වියේ පසුවන ඔහුට ජීවත්වීමට ඉතිරිව ඇත්තේ තව සති කිහිපයක් පමණයි.
ලන්ඩන්හි රෝහලක ගිලන් ඇඳක වැතිරී තම ජීවිතයෙහි අවසන් දවස්‌ කිහිපය ගෙවන ඔහු පසුගිය බදාදා ‘ඩයනා කුමරියව මැරූ අයුරු’ පාපොච්චාරණය කර තිබෙනවා.
“මේ සියල්ල සිදුවුණේ ඉතා රහසිගතවයි. බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් දේශපාලන ඝාතන කරන්නට පත් කර තිබු විශ්වාසවන්ත නිලධාරීන් හත්දෙනකුගෙන් යුතු රහසිගත කණ්‌ඩායමේ මමත් එක්‌ සාමාජිකයෙක්‌.
මෙසේ ඝාතනය කෙරුණු අය අතරින් බහුතරයක්‌ දේශපාලනඥයන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන් හා වෘත්තීය සමිති නායකයන්.
“මගේ සැලසුම් වලින් ඝාතනය කරපු අය අතරින් සුවිශේෂීම කෙනා තමයි ඩයනා කුමරිය.. මම කරපු ඝාතන අතරින් එකම කාන්තාව ඇයයි.
එකම රාජකීයයාත් ඇයයි. රජ පවුල විසින්ම ‘ඉවත් කර දැමිය යුතුයි’ කියලා තීරණය කරපු රාජකීයයාත් ඇයයි. මම ඒ ඝාතනය සැලසුම් කළේ හරිම වරදකාරී හැඟීමෙන්. දෙගිඩියාවෙන්.
ඩයනා කුමරිය කරුණාවන්ත හදවතක්‌ ඇති සුන්දර කාන්තාවක්‌. එතරම් අඩු වයසකින් ඇගේ ජීවිතය පැහැරගැනීම අපරාධයක්‌. ඒත් ඇයගෙන් බ්‍රිතාන්‍ය රජ පවුලටත් කිරීටයටත් තර්ජනයක්‌ එල්ල වෙලා තිබුණා.. ඒ නිසයි ඒ ඝාතනය කරන්න සිද්ද වුණේ.
ඩයනා කුමරිය ඕනෑවටත් වැඩියෙන් රජ පවුලේ රහස්‌ දැනගෙන හිටියා.
ඒ වගේම ඇය රජ පවුලත් සමඟ තිබූ අමනාපය නිසා ඒ රහස්‌ මාධ්‍යයට එළිකරන්නටත් මාන බලමින් හිටියා.
“ඇයව මරා දමන්න ඕනෑ” කියලා මගේ ප්‍රධානියා මට කිව්වා. මගේ ප්‍රධානියාට අණ ලැබිලා තිබුණේ පිලිප් කුමරුන්ගෙන්. ඒක සාමාන්‍ය රිය අනතුරක්‌ ලෙස පෙනෙන ආකාරයට සිදු කරන්නට අපිට අණ ලැබිලා තිබුණා. මම ඊට කලින් රජ කුමරියක්‌ තියා සාමාන්‍ය ගැහැනියක්‌වත් ඝාතනය කරලා නෑ..
කිසිම කාන්තාවක්‌ ඝාතනය කරලා තිබුණේ නෑ.. එහෙත් මට ලැබුණු අණට කීකරු වෙන්නට මා බැඳී සිටියා. මට පැවරුණු රාජකාරිය මා ඉටු කළ යුතුමයි. මම එය කළේ මගේ රට සහ රැජන වෙනුවෙන්..”
විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරි ජෝන් හොප්කින්ස්‌ගේ පාපොච්චාරණය ව්‍යාජ එකක්‌ බව ද එය බ්‍රිතාන්‍ය රජ පවුලට එරෙහිව කරන කුමන්ත්‍රණයක්‌ බව ද කියමින් මේ පුවත දැනටමත් වාරණය කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

මහ බැංකුව නිත්‍ය ණය පොළිය පහත හෙළයි

Shiran Viraj

ඛණිජ තෙල් සේවක වර්ජනය නිසා ඉන්ධන බෙදා හැරීම නවතියි – පිරවුම්හල්වල දිගු පෝලිම් – ගාල්ලේ ගැටුම් (PHOTOS)

Shiran Viraj

යාචකයින්ට මුදල් දෙන පුද්ගලයින්ට පොලීසියෙන් රතුඑළි

Shiran Viraj