2026-08-10
mediahumanrights.lk
International NewsNews

වැටුප ගන්නේ නැතැයි කී ට්‍රම්ප් වැටුප ලබාගෙන සඟවයි

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනපතිවරණ ප්‍රචාරණය අතරතුර දන්වා සිටියේ තමා ජනපති පදවියට පත්වුවහොත් වැටුප් ලබාගන්නේ නැති බවයි.

ඒ අනුව ඔහුට ඇමරිකානු ජනපති පදවිය වෙනුවෙන් ලැබෙන ඩොලර් ලක්ෂ 4 ක මුදල ඉතිරි වනු ඇතැයි වාර්තා පළවිය. කෙසේ වෙතත් ඇමරිකානු නීතිය අනුව එම වැටුපට හිමි චෙක්පත ඔහු වෙනුවෙන් ලිවිය යුතුවූ අතර පසුව ධවල මන්දිර ප්‍රකාශකයෙකු දන්වා තිබුනේ එම චෙක්පත ජනපතිට යැවුණ පසු ඔහු එය ප්‍රදානයක් ලෙස භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට හරවා යවනු ඇති බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ නිරීක්ෂණයෙන් පසුවෙමින් වාර්තා පළ කරන NBC පුවත් සේවාව දන්වා සිටින්නේ මේ වනවිට ඇමරිකානු ජනපතිවරයා වෙනුවෙන් වැටුප් චෙක්පත් 2 ක් නිකුත්ව ඇති නමුත් කිසිවක් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට බැර කර නැති බවයි. ඒ අනුව ඔවුන් ජනපතිවරයා කියූ දේවල් නොකර වැටුප සඟවා ඇති බවට පුවත් වාර්තා පළ කර තිබේ.

Related posts

පාකිස්තානයට වසර 08කට පසු ඊයේ රාත‍්‍රියේ යළි ක‍්‍රිකට් වසන්තයක්

Shiran Viraj

පක්ෂයේ අනාගතය මීතොටමුල්ල කුණු කන්ද වගෙයි

Shiran Viraj

Corona : ඇමරිකාව බිහිසුණුම තත්වයේ.. චීනය, ඉතාලිය පන්නමින් ලෝකයේ වැඩිම ආසාදිතයන් සහිත රට වෙයි.. ඊයේ පමණක් 17,000 පනී..

Shiran Viraj
Translate »