27.4 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

අත්හැර දැමූ ධීවර යාත්‍රා 176ක් පවතිනවා

ධීවර වරායන් ආශ්‍රිතව භාවිතයට නොගෙන අත්හැර දමා ඇති ධීවර යාත්‍රා 176ක් පවතින බවට අනාවරණය වී ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.
ඩෙංගු මර්දන වැඩපිළිවෙළට  සමගාමීව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ධීවර වරායන් ආශ්‍රිතව පවතින භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා  පිළිබඳව වාර්තාවක් ලබාගෙන තිබේ.
එහිදී භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා  176ක් පවතින බවට අනාවරණය වී ඇති අතර ඒවා මඟින් මදුරුවන් බෝවිය හැකි බැවින් එම යාත්‍රා විනාශ කිරීමට හෝ මදුරුවන් බෝ නොවන පරිදි ආරක්ෂිත පියවර ගැනීම සිදු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්වේ.
ඊට අමතරව නැංගුරම් පොළවල්හි ෆයිබර් ග්ලාස් වලින් සකසන ලද, අත්හැර දැමූ හෝ කැඩී බිඳී ගිය ධීවර යාත්‍රා පිළිබඳවද තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බව ධීවර අමාත්‍යාංශය පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

රත්නපුර රෝහලේ ප‍්‍රතිකාර ගත් අයෙකුට කොරෝනා.. පවුල් 15ක් නිරෝධායනයට.

Shiran Viraj

හිමිනමක් විසින් ඇසිල්ලකින් ගැඹුරු ජලයට පැන වටිනා ජීවිතයක් බේරාගත් හැටි මෙන්න

Shiran Viraj

හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..

Shiran Viraj
Translate »