mediahumanrights.lk
Local NewsNewsPolitical

උතුරුමැද පළාත් සභාව 2019 දක්වා යයි ලු

එළඹෙන සැප්තැම්බර් මාසයේදී නිල කාලය අවසන්වීමට නියමිත උතුරුමැද පළාත් සභාවේ මීළග මැතිවරණය පැවැත්වීම 2019 දක්වා කල්දැමීමේ සූදානම් ඇති බවට වාර්තා පළ වනවා.
උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නද මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න හමුවේ ඊට සමාන අදහසක් පළ කළා.
එහිදී ප‍්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේ පළාත් සභා සියල්ලේ මැතිවරණ එකවර පැවැත්විය යුතු බවට මුල් අවස්ථාවේදී නීති සකස් කර තිබූ බවයි. එය ඉදිරියේදී යළි කි‍්‍රයාත්මක වන්නේ නම් තමන්ද ඊට කැමැත්තක් දක්වන බව ප‍්‍රධාන අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
මේ අතර උතුරුමැද පළාත් සභාවේ නව අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් සුසිල් ගුණරත්න නෙත් නිවුස් කළ විමසීමකදී ඊට සමාන අදහසක් පළ කළා. එහිදී නෙත් නිවුස් පළාත් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ නව අමාත්‍ය  ධුරයක් හිමිවුවද එහි කටයුතු කිරීමට ඇති කාලය ප‍්‍රමාණවත්ද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ “2019 සැප්තැම්බර් දක්වා මේක දීර්ඝ වෙනවයි කියලා තමයි ආරංචිය තියෙන්නේ.” යනුවෙනි.
මේ අතර උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා හැර  සෙසු අමාත්‍යධුර හතරම ඉකුත් දින කිහිපයේදී වෙනස් වුණා. ඒ අතර ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන මන්ත‍්‍රීවරුන් 17ක් දිවුරුම් ප‍්‍රකාශ ඉදිරිපත් කරමින් එම පළාත් සභාව තුළ ස්වාධීනව කටයුතු කරන බව ප‍්‍රකාශ කළා.
කෙසේ වෙතත් එලෙස දිවුරුම් ප‍්‍රකාශ ඉදිරිපත් කළ කිහිප දෙනෙකු ද අමාත්‍ය ධුර භාර ගත්තා. උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න කියා සිටියේ දිවුරුම් ප‍්‍රකාශ භාර දුන් තවත් මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු තමන්ට සහය දක්වන බව ප‍්‍රකාශ කර ඇති බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පස්වරුවේ

Shiran Viraj

ශ්‍රීලනිප සභපති ධුරය යළි කැඳවන නඩුවේ අතුරු තීන්දුවකට දින නියම කෙරේ

Shiran Viraj

පාසැල් වසා දමා නැවතත් සංචරණ සීමා..?

Shiran Viraj
Translate »