mediahumanrights.lk
International NewsLocal News

ලයනල් මෙසීත් වැඩ වරද්ද ගනී

සුපිරි ආජන්ටිනා පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසීට එරෙහිව මාස 21ක අත්හිටවූ සිර දඬුවමක් පැනවීමට ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ, ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම ද නියෝජනය කරන ඔහු බදු ගෙවීම් පැහැර හැර ඇති බවට එල්ල වූ චෝදනාවට අදාළවයි.
මීට පෙර එරට පහළ උසාවියක් විසින් පනවා තිබූ දඬුවමයි මෙලෙස ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර ඇත්තේ.
ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ගණයට ඇතුළත් නොවන වරදක් සම්බන්ධයෙන් පළමු වරට වරදකරුවන් වන පුද්ගලයින්ට හිමිවන අධිකරණ සහනයක් යටතේ ලයනල් මෙසීට එරෙහි සිර දඬුවම වසර දෙකක කාලයකට අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
2016 වසරේ දී ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 4.6ක මුදලක් ඔහු විසින් ගෙවීම් පැහැර හැර ඇති බවයි විදෙස් මාධ්‍යන්හි දක්වා ඇත්තේ.
ලයනල් මෙසීට අමතරව ඔහුගේ පියා වන ජෝර්ජ් මෙසීට එරෙහිවද චෝදනා ගොනුකර තිබුණා. කෙසේ වෙතත් මෙසීගේ පියා විසින් බදු මුදලින් කොටසක් ගෙවීම හේතුවෙන් ඔහුගේ සිර දඬුවම ලිහිල් කර තිබෙනවා.
ලයනල් මෙසී යනු වසරේ විශිෂ්ටතම පාපන්දු ක‍්‍රීඩකයා ලෙස වසර 05ක් සම්මාන දිනාගත් ලෝක ප‍්‍රකට ක‍්‍රීඩකයෙක්.
මීට පෙරත් ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයින් රැසක් මෙන්ම නළුනිළියන්ද බදු වංචා කිරීමේ සිද්ධිවලට හසු වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් මිලියන 400ක එන්තරවාසි

Shiran Viraj

රුසියානු කොරෝනා එන්නත අද ලංකාවට…

Shiran Viraj

අරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…

Shiran Viraj
Translate »