29.5 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

දිස්ත‍්‍රික්ක 04කට නායයාම් අවදානමක් – නිල්වලා සහ ගිං ගඟ පිටාර ගලයි

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග ගාල්ල සහ කළුතර දිස්ත‍්‍රික්කවලට ද නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මීට පෙර කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්කවලට ද නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළා.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ බද්දේගම, යක්කලමුල්ල සහ නාගොඩ ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශවල නායයාම් හා පස් කණ්ඩි කඩා වැටීමේ අවදානමක් මතුව තිබෙනවා. කළුතර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, වළල්ලාවිට හා බදුරලිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ද නායයාම් අවදානමක් පවතින බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
මේ අතර ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිං සහ නිල්වලා යන ගංඟා පිටාර ගලමින් තිබෙනවා. ගංඟා ආශ‍්‍රිත පහත්බිම් කිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
කැළණි ගඟේ ජල මට්ටම ද තවදුරටත් ඉහළ යමින් පවතිනවා.
මේ අතර පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට (26) දිනයේ ද පවතින බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි-මහින්ද කියයි

Shiran Viraj

මාස 03කට පසු පිටියට පිවිසි මැතිව්ස්ගේ ඉනිම ලකුණු 04න් අවසන්

Shiran Viraj

ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති මහේල ක‍්‍රීඩා පනත ගැන වැඩි අවධානයකින්

Shiran Viraj
Translate »