30 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

මාධ්‍යවේදියාට පහර දුන් ASP දළුවත්ත ශ්‍රේෂ්ඨාධිකරණයට

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් වාර්තා කරමින් සිටියදී  පොලිස් නිලධාරියෙකුගේ පහර කෑමට ලක්වූ මාධ්‍යවේදියාගේ මූලික අයිතීන් කඩවීමක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්තගේ පහර කෑමට ලක්වූ මාධ්‍යවේදී සුසන්ත කරුණාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ලබාදුන් බව වාර්තා වේ.
ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස  එහි වග උත්තරකරුවන් ලෙස නම්කර ඇති සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත , පොලිස්පතිවරයා ඇතුළු 08 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.
එමෙන්ම පෙත්සම්කරුගේ ප්‍රතිකාර ලබා ගැනීම පිලිබඳ වෛද්‍ය වාර්තා තිබේ නම් ඒවා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය මාතර හා තංගල්ල රජයේ රෝහල්වලට නියෝගයක් නිකුත් කල බව ද වාර්තා වේ.
පසුගිය ඔක්තෝබර් මස 06 වනදා හම්බන්තොට ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් තමන් විසින් වාර්තා කිරීමට ගිය අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත විසින් අමානුෂික ආකාරයෙන් තමාට පහර දුන් බව පවසන පෙත්සම්කරු මේ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට

Shiran Viraj

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්

Shiran Viraj

යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකාවේ ඉන්ධන වෙලදාම අතහැර යයි..

Shiran Viraj
Translate »