2026-08-08
mediahumanrights.lk
Local NewsNews

චීනයෙන් රුපියල් මිලියන 400ක ආධාර

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා චීනය විසින් රුපියල් මිලියන 400ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
විදේශ අමාත්‍යාංශය කියා සිටියේ ඉදිරියේදී අදාළ මුදල් චීන රජය විසින් මෙරටට ලබාදීමට කටයුතු කරනු ඇති බවයි.
මේ අතර, විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාදෙන සහනාධාර රැගත් තෙවන නෞකාව අද දිවයිනට ළඟාවීමට නියමිතයි.
ඊයේ දිනයේදී ඇදුම් පැළදුම්, වියලි ආහාර, ඖෂධ සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් ෂාර්දූල් නෞකාව දිවයිනට ළඟා වුණා.
එය ඉන්දීය සහනාධාර රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි දෙවන නෞකාව වන අතර මීට පෙරද විපතට පත්වූවන්ට ආධාර රැගෙන තවත් නෞකාවක් මෙරටට පැමිණියා.
(under the courtesy of hirunews news web)

Related posts

කැරලයින් ජූරි කිරුළ අතහරී… අන්තර්ජාලයෙන් සියළු ලෝ වැසියන් අමතා කියයි…

Shiran Viraj

ඛණිජ තෙල් සාකච්ඡාව උණුසුම් – සේවකයෝ ජනපතිගෙන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි

Shiran Viraj

කොරෝනා එන්නත්කරනයට ඩිජිටල් හැඳුනුම්පතක්… එය අලුත් පරම්පරාවේ බලාපොරොත්තුවක්.. – නාමල්

Shiran Viraj
Translate »