mediahumanrights.lk
Local NewsNewsPolitical

කඩා වැටුණු හෙලිකොප්ටරයට සුළු හානි – නියමුවාට ජනපතිගෙන් ප‍්‍රශංසා

ගාල්ල බද්දේගම ඉනිමංකඩ ප‍්‍රදේශයට කඩා වැටුණු එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයට හානි සිදුව ඇති බව ගුවන් හමුදාව පවසනවා.
යානයේ කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති බවටයි පැවසෙන්නේ.
අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් යානයේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් සිදු වූයේ නැහැ.
අයහපත් කාලගුණයෙන් විපතට පත්ව බද්දේගම ආශ‍්‍රිත ප‍්‍රදේශයේ සිටින ජනතාවට උදෑසන ආහාර රැගෙන යමින් තිබූ හෙලිකොප්ටර් යානයකුයි මෙලෙස කඩා වැටුණේ.
අනතුර සිදු වන අවස්ථාවේ ගුවන් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු යානය තුළ සිට තිබෙනවා.
මේ අතර සිදු වීමට ගිය අනතුරක් වලක්වාගත් හෙලිකොප්ටර යානයේ නියමු බලඝන නායක භානුක දෙල්ගහගොඩට දුරකථනයෙක් කථා කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ වීරත්වයට සිය ප‍්‍රශංසාව පළ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ලෝක ධනවතුන්ගේ ලයිස්තුව නවීකරණය වේ, "ඊ" ව්‍යාපාරිකයන් පෙරමූණේ .!

Shiran Viraj

ගාස්තු අඩු කිරීමෙන් විදුලිය අර්බුදයක..

Shiran Viraj

රූ රැජින කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා පොලිසි යයි.. මාධ්‍ය හමුවක් කැදවයි..

Shiran Viraj
Translate »