24.5 C
Colombo
2026-01-28
mediahumanrights.lk
Local NewsNewsPolitical

කඩා වැටුණු හෙලිකොප්ටරයට සුළු හානි – නියමුවාට ජනපතිගෙන් ප‍්‍රශංසා

ගාල්ල බද්දේගම ඉනිමංකඩ ප‍්‍රදේශයට කඩා වැටුණු එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයට හානි සිදුව ඇති බව ගුවන් හමුදාව පවසනවා.
යානයේ කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති බවටයි පැවසෙන්නේ.
අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් යානයේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් සිදු වූයේ නැහැ.
අයහපත් කාලගුණයෙන් විපතට පත්ව බද්දේගම ආශ‍්‍රිත ප‍්‍රදේශයේ සිටින ජනතාවට උදෑසන ආහාර රැගෙන යමින් තිබූ හෙලිකොප්ටර් යානයකුයි මෙලෙස කඩා වැටුණේ.
අනතුර සිදු වන අවස්ථාවේ ගුවන් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු යානය තුළ සිට තිබෙනවා.
මේ අතර සිදු වීමට ගිය අනතුරක් වලක්වාගත් හෙලිකොප්ටර යානයේ නියමු බලඝන නායක භානුක දෙල්ගහගොඩට දුරකථනයෙක් කථා කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ වීරත්වයට සිය ප‍්‍රශංසාව පළ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

අගුණකොළපැලැස්ස බන්ධනාගාරය විවෘත කරන්න ඉඩ දෙන්නේ නෑ

Shiran Viraj

වසාදැමූ තාරාපුරම් යලි අරී..

Shiran Viraj

පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට පත් කල කොකේන් කමිටුව මෙන්න..සභාපති නම් කොකේන් නොගහන බව රන්ජන් කියයි

Shiran Viraj
Translate »