mediahumanrights.lk
Local NewsNews

අන්තරේ පාගමනට වාරණ නෑ – ලෝටස් වටරවුමෙන් පාර වැසෙයි

න්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ, ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව අප වාර්තාකරු පවසයි.
විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව,ඕල්කට් මාවත ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සයිටම් විරෝධී පාගමනට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පෑලියගොඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර විසින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙම විරෝධතා පාගමන හේතුවෙන් මහජනතාවට විශාල වශයෙන් පීඩාවක් එල්ලවන බැවින් එය වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය විසින් ඉල්ලා තිබේ.
එවන් පීඩාවක් සිදුවන්නේ නම් එය වැළැක්වීමේ බලතල පොලීසියට පවත්නා බව පෙන්වා දී ඇති අතිරේක මහේස්ත්‍රාත්වරිය ඒ වෙනුවෙන් වාරණ නියෝග අවශ්‍ය නොවන බව පවසා ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

කොමිසන් සභාවල නියෝජිතයින් ජනපතිට කරුණු කියයි

Shiran Viraj

හිටපු ඇමතිලා හතරක් හතරවෙනි තට්ටුවට ගෙන යයි.. හිටපු ජනපතිත් මග එනවා..

Shiran Viraj

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

Shiran Viraj
Translate »