27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

බස් රියක් ජිප් රියේ ගැටෙයි-පොලීසියේ තිදෙනෙකුට තුවාලයි

මහනුවර නගරයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
නවතා තිබූ පොලිස් ජිප් රථයක ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරට ලක්ව ඇත්තේ මහනුවර පොලිසියට අයත් ජංගම සංචාර ජිප් රථයක් වන අතර අනතුරින් තුවාල ලැබූ  පොලිස් නිලධාරීන් තිදෙනා ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
බස් රථ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවට මහනුවර පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

(under the courtesy of adaderana news web)

Related posts

මිනිස්සු හැම තිස්සෙම නැතිබැරිකම ගැන කියනවා මිස මේ රජය කරන කිසිම දෙයක් ගැන කතා කරන්නේ නෑ..- රෙජිනෝල්ඞ්

Shiran Viraj

සිව්දින නිල සංචාරයකට අගමැති අද ඔස්‌ටේ්‍රලියාවට

Shiran Viraj

ලන්ඩනයේ සිට ආ ලොක්කෙක් නිරෝධායනයට පයින් ගසා යන්න යයි..

Shiran Viraj
Translate »