29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

පොලිස් වෙස් ගෙන සුදු වෑන් එකකින් ඇවිත් අයෙකු පැහැරගනී

සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් කැකිරාව ඉපලෝගම පුංචිකුළම ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් තිබෙනවා.
පැහැරගැනීමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් ඒ සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පැහැර ගැනීම සඳහා පුද්ගලයින් නව දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීන් බවට සඳහන් කර තිබෙනවා.
නිවසේ තිබූ සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් දත්ත පද්ධතිය ද සැකකරුවන් විසින් රැගෙන ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා සම්බන්ධයෙන් මුදල් වංචා කිරීමේ සිද්ධීන්ට අදාළ පැමිණිලි කිහිපයක් ද පවතින බවට අනාවරණ වී තිබෙනවා.

(under the courtesy of nethfm news web)

Related posts

නව ජනාධිපති පත් කිරීම ගැන පොහොට්ටුවේ නිල මතය මෙන්න…

Shiran Viraj

ජනාධිපතිවරණයේදි සජිත් 80%ක් ගන්නවා..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

Shiran Viraj
Translate »