2026-09-03
mediahumanrights.lk
Local NewsNews

ණයට ඉන්ධන තවත් දෙන්න බෑ.. අපට දුන් ව්‍යාපෘති ඉක්මන් කරන්න..- ඉන්දියාව දැනුම් දෙයි..

ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාම සමග එකග වී ඇති ව්‍යාපෘති කඩිනම් කිරීම සුදුසු බව ඉන්දියාව දැනුම්දී තිබේ.

ගත වූ සතියෙ මෙරට සංචාරක යෙදුනු ඉන්දීය ඉහළ පෙළේ දූත පිරිස මේ බව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවලදී දැනුම් දී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ඉන්දියාවේ අදානි සමූහයට ලබාදී ඇති මන්නාරම සුලං බලාගාරය, කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය, සාම්පූර් සුර්ය විදුලි බලාගාරයහා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණය සංවර්ධන ව්‍යාපෘතිය ආදිය කඩිනම් කළ යුතු බව ඉන්දියාව දැනුම් දී ඇත.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ ඉන්ධන සඳහා තවදුරටත් ණය ලබා දීමට ඉන්දියාව පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර ලැබී නැති බවයි.

Related posts

යුද හමුදා ලොක්කෙක් පිටුපස CIDය එයි

Shiran Viraj

කේරළ ගංජා කිලෝ 18ක් සමග පුද්ගලයෙක් මාට්ටු

Shiran Viraj

පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් හිටපු ජනපතිට ඇරයුමක්

Shiran Viraj
Translate »