30 C
Colombo
2026-09-29
mediahumanrights.lk
Local NewsNews

කොළඹ ජාතික රෝහලේ ජල කුළුණට නගින්න ගිය දෙදෙනෙක් අල්ලයි – වස මුසු කරන්න දැයි සැකයක්

කොළඹ ජාතික රෝහලේ ජල කුළුණ මතට අනවසරයෙන් නැඟීමට උත්සහ කළ බව කියන වෛද්‍යවරයෙකු සහ වෛද්‍යවරියක ඊයේ (08) රාත‍්‍රියේ පොලිස් අත්අඩංගුවට ගැණුනා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ රෝහලේ ආරක්ෂක නිලධාරීන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම වෛද්‍ය යුවළ අත්අඩංගුවට ගැණුනු බවයි.
පසුව ඔවුන් ඇප මත මුදා හැරුණා.
අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ වයස අවුරුදු 33ක්. වෛද්‍යවරියගේ වයස අවුරුදු 29ක් වන බවයි පොලිසිය පැවසුවේ.
මෙම ජල කුළුණේ උස අඩි සියයක් පමණ වනවා. ඔවුන් ජල ටැංකියට වස මිශ‍්‍ර කිරීමේ අරමුණින් කුළුණට නැඟීමට උත්සහ කළේද නැතහොත් සියදිවි නසා ගැනීම සඳහා කුළුණට නැඟීමට උත්සහ කළේද යන්න සෙවීමට විමර්ශන ක‍්‍රියාත්මකයි.
(under the courtesy of nethfm news web)

Related posts

ප‍්‍රමිතට අගමැති මහින්දගෙන් තව තනතුරක්…

Shiran Viraj

විදේශ රැකියා අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගෙන ප්‍රසිද්ධ සමාගමකින් කිරිපිටි වංචා කරයි

Shiran Viraj

යුරෝපය තුල කොරෝනා ව්‍යාප්තිය ඉහලට : බ්‍රිතාන්‍යයේ මිලියන 09ක ජනතාවකට දැඩි නීති පැනවෙයි

Shiran Viraj
Translate »