27.8 C
Colombo
2026-09-29
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්දියාවේ අලෙවිය තහනම් වාහන පිටරට පැටවීමේ සැලසුමක්

BSIII වායුවිමෝචන පරිසාධන මට්ටමේ පවතින මෝටර් රථ අලෙවිය 2017 අප්‍රේල් 01 දින සිට තහනම් කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දෙන ලද නියෝගයත් සමඟම ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක් බරපතළ ගැටළුවකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.
මේ අනුව දැනට නිෂ්පාදනයෙන් අනතුරුව ප්‍රදර්ශනාගාර මට්ටමේ පවතින වාහන තොග ගණනාවක් ඉන්දියාව තුළ අලෙවි කිරීමේ හැකියාව, මෙම අධිකරණ නියෝගය හේතුවෙන් වාරණයට ලක්ව තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් කියා සිටින්නේ මෙම මෝටර් රථ ඉන්දියාව තුළ අලෙවිය තුළ තහනම් වුවද, ඒවා අපනයනය සඳහා කිසිදු තහනමක් නොමැති බවයි.
මේ අතර 2016 වසර තුළ දී ශ්‍රී ලංකාවට අපනයන කර ඇති ඉන්දියානු මගී වාහනවල වටිනාකමෙහි සියයට 92 ක වර්ධනයක් සිදුව ඇති අතර ඉන්දීය මෝටර් රථ අපනයන වෙළෙඳපොළවලින් වේගයෙන් වර්ධනය වූ හොඳම වෙළෙඳපොළ 5 අතරට ද ශ්‍රී ලංකාව එක්ව තිබිණි.
(under the courtesy of adaderana news web)

Related posts

ජනාධිපතිවරණය කැදවීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා උසාවි යයි..

Shiran Viraj

ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි

Shiran Viraj

ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා..- ජනපති

Shiran Viraj
Translate »