30 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNewsPolitical

අගමැතිගේ නියෝගය විසිවෙයි – ජනපතිගේ තීරණය ක්‍රියාත්මකයි

රාජ්‍ය නොවන සංවිධානවල සහ පෞද්ගලික ආයතනවල ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කෞතුකාගාර පරිශ්‍රය ලබාදීමට ගෙන තිබූ තීරණය අවලංගු කරන ලද බව කැබ්නට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පෞද්ගලික ආයතනවල ප්‍රචාරක කටයුතු සඳහා කෞතුකාගාර පරිශ්‍රය ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකසන ලෙසත් එලෙස ක්‍රමවේදයක් සැකසීම පිණිස කමිටුවක් පත්කරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර ඇති නියෝගය ක්‍රියාත්මක නොවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
කෞතුකාගාර පරිශ්‍රය පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් සඳහා ලබා දීමට ක්‍රමවේදයක් සැකසීම පිණිස අගමැතිවරයා විසින් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇතුළු පංච පුද්ගල කමිටුවක් පිහිටුවීමට නියෝග කර තිබිණි.
මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෞතුකාගාර අධ්‍යක්ෂිකා තනුජා කස්තුරිආරච්චි මහත්මියට ලිඛිතව සිදු කළ දැනුම් දීමකින් කෞතුකාගාර පරිශ්‍රය කිසිදු පෞද්ගලික ආයතනයක ප්‍රචාරාත්මක කටයුත්තක් වෙනුවෙන් ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
(under the courtesy of asianmirror news web)

Related posts

ග්‍රාම නිලධාරීන් විරෝධතාවකට සැරසෙයි

Shiran Viraj

වර්ෂාවට සහ අකුණු ගැසීම්වලට සූදානමින් සිටින්න

Shiran Viraj

ආනයනික සහල් කිලෝවකට 45%ක බද්දක්…

Shiran Viraj
Translate »