mediahumanrights.lk
Local NewsNews

පෞද්ගලික පාසලක සිසුවෙක් සහ සිසුවියක් පොලිස් අත්අඩංගුවේ

නිවෙස්වලින් බැහැරව දින දෙකක් ක්‍රීඩාංගණයක ගත කළ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බාලවයස්කාර සිසුවෙකු හා සිසුවියක අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ, කටුනායක පොලිසිය විසින්. පහළොස් හැවිරිදි මෙම සිසුවා හා සිසුවිය ඉකුත් දෙවන දින පාසල් යාම සඳහා නිවෙස්වලින් පැමිණ තිබෙනවා.
අනතුරුව ඔවුන් දෙදෙනා දින දෙකක් පමණ මීගමුව කඩොල්කැලේ මහජන ක්‍රීඩාංගණයේ සිට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සිසුවිය දින දෙකක් නිවසට නොපැමිණීම හේතුවෙන් ඇයගේ මව්පියන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඔවුන් දෙදෙනා සොයා ගැණුනා.
සිසුවා නිවසෙන් පිටව ගොස් ඇත්තේ අයිස් ක්‍රීම් මිලට ගැනීමට යැයි පවසා රුපියල් දෙසියයක මුදලක් දෙමව්පියන්ගෙන් ලබා ගෙනයි.
සිසුවිය සිය දෙමාපියන්ගේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් බැහැර කොට අපහරණය කිරීමේ චෝදනා මත සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අනුමැතිය

Shiran Viraj

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Shiran Viraj

මහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්

Shiran Viraj
Translate »