mediahumanrights.lk
EntertainmentEntertainment NewsInternational NewsNews

පෘථීවියට සමාන ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව සොයාගනී

පෘථීවියට සමාන බවට පැවසෙන ජේ ජී 1132 බී නම් වූ ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා.
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක වායුගෝලයක් නිරීක්ෂණය කළ පළමු අවස්ථාව මෙයයි.
සුපිරි පෘථීවි ග්‍රහලෝකය ලෙස හැඳින්වෙන මෙම ග්‍රහලෝකය පෘථීවිය මෙන් එකයි දශම හතරක විශාලත්වයකින් යුක්ත වනවා.
එය පවතින්නේ පෘථීවියට වඩා ආලෝක වර්ෂ 39ක් ඈතින්.
ජලය සහ මීතේන් වායුවේ මිශ්‍රණයකින් එහි වායුගෝලය සැකසී ඇති බවටයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 370ක්.
එබැවින් මෙම ග්‍රහ ලෝකයේ ජීවය පැවතීමේ ඉඩක් ඇත්දැයි සැක සහිත බව විද්‍යාඥයින් පවසනවා.
මෙම ග්‍රහලෝකය පිළිබඳ පළමු වරට අනාවරණ කර ගැනුනේ 2015 වසරේදීයි.
(under the courtesy of nethfm news web)

Related posts

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් යළිත් අනතුරු ඇගවීමක්

Shiran Viraj

‘මේඩ් ඉන් ශ‍්‍රී ලංකා’ මෝටර් රථයක් වෙලද පලට.. රුපියල් ලක්‍ෂ 12යි…

Shiran Viraj

මධ්‍යම පරිසර අධිකාරිය කසල කඳු සොයා යයි

Shiran Viraj
Translate »