28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදා ගන්න කණ්ඩායම් 04 ක් මෙහෙයුම් අරඹයි

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් ශ‍්‍රී ලාංකික නැවියන් 08 දෙනා සහිත නෞකාව මුදා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
ශ‍්‍රි ලංකා රජය සමග සෝමාලියානු රජය සහ ජාත්‍යන්තර සංවිධාන 04ක් ඒ සඳහා එක්ව සිටිනවා.
එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ කටයුතු ආයතනය, යුරෝපා කොමිසම, නේටෝ සංවිධානය සහ බහරේන්හි ‘‘සී එම් එස්‘‘ ආයතනය මුහුදු කොල්ලකරුවන් රඳවා ගෙන සිටින පිරිස් බේරා ගැනීමට එක්ව සිටින සංවිධානයි.
මේ අතර, පැහැර ගැණුනු නෞකාව මුදා හැරීම සඳහා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් කප්පම් ඉල්ලා ඇති බව විදෙස් වාර්තා අනාවරණ කළා.
මුහුදු කොල්ලකරුවන් භාරයට පත්ව ඇති පිරිස වන්නේ එස්.ඒ. නිකලස් –  යාපනය, කේ.ටි.ටී.ආර්. සම්පත් – මතුගම මීගහතැන්න, ඞී.එම්. අනුරංග – ගාල්ල, කේ. ජයන්ත – කොළඹ, එල්.එච්.එස්. ශමේන්ද්‍ර – මාතර, බි.සි. පෙරේරා – ගම්පොළ, කේ.ඒ. ශන්මුගම් – මාතලේ, වී.එල්. ඉඳුනිල්  – ඉමදූව යන අයයි.

Related posts

අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

Shiran Viraj

කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Shiran Viraj

තවත් රට වහන්න බෑ.. ආර්ථිකය කම්පාවෙන්.. රට විවෘත කල යුතුයි..- මුදල් රාජ්‍ය ඇමති..

Shiran Viraj
Translate »