mediahumanrights.lk
International NewsNews

සවුදි යුව රජු ට්‍රම්ප් හමුවෙයි – මුස්ලිම් සංහිඳියාවකට එයි

සවුදි අරාබියේ සලමන් රජුගේ පුත් එම රාජ්‍යයේ යුව රජු මොහොමඩ් බින් සල්මන් ඇමරිකානු සංචාරයක යෙදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ 14 හමුවුණා.
මේ කාලයේ මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තියක සිටින බවට වාර්තා පළවන ට්‍රම්ප් සමග ඉතා සුහද ආකාරයට මෙම හමුව සිදුවූ බවත් මාධ්‍ය පවසන මුස්ලිම් විරෝධයක් ට්‍රම්ප් සතුව නැති බවත් සාකච්ඡාවෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබේ.
ලෝක ඉන්ධන සැපයුම සම්බන්ධ අරාබි රටවල වාණිජ ආර්ථිකයේ 2030 දක්වා සැලසුම පිළිබඳ ට්‍රම්ප් සමග සාකච්ඡාව පැවති බවත් ත්‍රස්ත ප්‍රශ්නය නිසා ඇමරිකානුවන් වෙනුවෙන් ඇතැම් මුස්ලිම් රටවලට එරෙහිව ට්‍රම්ප් ක්‍රියා කරන නමුත් අරාබි ලෝකය ගැන හොඳ විශ්වාසයක් තිබෙන බවත් ඔහු පවසා ඇත.
ඇමරිකාව හා සවුදි අරාබිය අතර දශක ගණනාවක පවතින හොඳහිත මෙහිදී තවත් වර්ධනය වූ බව ඔහු පවසා ඇත.

 

Related posts

යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමති

Shiran Viraj

මෙරට මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර…

Shiran Viraj

සුරා බදු පනත නිසා එජාප මන්ත්‍රී රැස්වීම උණුසුම්

Shiran Viraj
Translate »