mediahumanrights.lk
Local NewsNews

අම්මා-තාත්තා හොයන්න ලංකාවට ආ ස්වීඩනයේ ව්‍යාපාරික තරුණිය

වසර තිස් දෙකකට පමණ පසු ස්වීඩනයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් ඇගේ මවුපියන් සොයන්නීය. වයස මාස හයේදී ස්වීඩන් ජාතික යුවළක් විසින් ඇය දරුකමට හදා වඩා ගැනීම සඳහා ස්වීඩනයට රැගෙන ගොස් ඇති බව කියැවේ.
වසර තිස් දෙකක් ඇය ස්වීඩනයේ හැදී වැඩී තිබේ. ඇයට යමක් කමක් තේරෙන වයසේදී මෙම තරුණිය හදාවඩා ගත් ස්වීඩන් ජාතික යුවළ ඇගේ මවගේ හා පියාගේ තොරතුරු හෙළිකොට තිබේ. ඒ විස්තර ඇතුළත් ලිපි ගොනුවක්ද ඇයට ලබාදී තිබේ. ඇය දැනට ස්වීඩනයේ ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින අතර සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇත්තේ තම සැබෑ මවුපියන් සොයා ගැනීම සඳහාය.
ඇය පවසන පරිදි ඇගේ මව කාමරදේවා ආරච්චිගේ ශ්‍රියානි විජේසිංහය. පියාගේ නම නිමල් කරුණාතිලක වන අතර ඇයට සහෝදරයන් දෙදෙනෙකි. ඒ ශාන්ත කුමාර හා අසංක රාජ්ය. ඇය ඉපදෙන විට මවුපියන් පදිංචිව සිට ඇත්තේ නො.141, හෙන්දෙණිය, පේරාදෙණිය යන ලිපිනයේය. මෙම තරුණිය 1985 වර්ෂයේ ජුනි මස 21දා උපත ලබා ඇත්තේ කුරුණෑගල මහ රෝහලේදීය. ඇයට මෙරටදී නම් තබා ඇත්තේ ශ්‍යාමලී යනුවෙනි.
මේ තරුණිය මෙරටට පැමිණ මාසයක් තිස්සේ තම සැබෑ මවුපියන් සෙව්වත් ඇගේ උත්සාහය තවමත් සාර්ථක වී නැත. පේරාදෙණියටද ගොස් මේ තරුණිය තම මවගේ හා පියාගේ තොරතුරු සොයා තිබේ. ඔවුන් වෙනත් ස්ථානයකට පදිංචියට ගොස් ඇති අතර අනුරාධපුරයේ පදිංචිව සිටින බවද කියති. ඇය මාසයක පමණ කාලයක් මෙරට නවාතැන් ගෙන සිට ඇත්තේ මිදිගම ප්‍රදේශයේ විදේශිකයන්ට නවාතැන් පහසුකම් ලබාදෙන ලැගුම්හලකය. එහි හිමිකරු වන්නේ යෙළුම් මනෝජ්ය.
“මෙම තරුණිය ලංකාවේ කෙල්ලෙක් වාගේ. ඇය අපේ හෝටලයට ඇවිත් මගේ මවුපියන් හොයචා දෙන්න කියලා මගෙන් උදවු ඉල්ලුවා. මාසයක් විතර මෙරට හැමතැනම ඇවිදිමින් මවුපියන් සෙව්වා. නමුත් හමුවුණේ නැහැ. ඇය කියනවා ඇගේ මවුපියන් දකින්න ආසයි කියලා. සමහර විට තාත්තා ජීවතුන් අතර නැති බවට ඇය විශ්වාස කරනවා. නමුත් මව ජීවතුන් අතර සිටින බවට ඇගේ දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ තරුණියගේ මවුපියන් හොයා දෙන්න කියලා ඉල්ලනවා” යැයි මනෝජ් කීවේය.
ඇගේ දුරකතන අංකය – 077 – 4647541

Related posts

පාස්කු ප‍්‍රහාර සැලසුමේ මූලිකයා නාමල් කුමාරයි..- අගරදගුරු නිවසේදී ලොකු හෙලිදරවුවක්..

Shiran Viraj

ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..

Shiran Viraj

එළවළු මිල පාලනයට ‘Frozen’ ආනයනය: ආධාර බෙදාහැරීම විධිමත් කිරීමට නව ගැසට් පත්‍රය ක්‍රියාත්මකයි

Shiran Viraj
Translate »