25 C
Colombo
2026-02-28
mediahumanrights.lk
Local NewsNews

සමයං ඇතුළේ කරපු ඊසි කෑෂ් බිස්නස් මරණ පරීක්ෂණයේදී එළිවේ

සමයං ඇතුළේ කරපු ඊසි කෑෂ් බිස්නස් මරණ පරීක්ෂණයේදී එළිවේ. සමයංගෙ මුද්ද මුල් බිරියට ලැබේ.
පසුගියදා කළුතරදී  බන්ධනාගාර බස්‌ රථයක ගමන් කරද්දී වෙඩි තබා ඝාතනය කළ පාතාල නායක සමයං ඇතුළු පස්‌දෙනා සම්බන්ධ මරණ පරීක්ෂණය ඊයේ සවස කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ දී මියගිය අයගේ භාර්යාවන් ඇතුළු සමීපතමයින්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.
මෙහිදී භාර්යාවන් දන්වා සිටියේ ඒ සියලුම අය බන්ධනාගාරයේ සිට තමන්ට ජංගම දුරකථනවලින් නිරන්තරයෙන් අමතමින්
සිටි බවයි. සිරගතව සිටින අයට ඒ ආකාරයට දුරකථන සබඳතා පැවැත්වීම ගැටලුකාරී බව මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්න කිරීමේදී මෙම පිරිසේ ඇතැම් අය දන්වා සිටියේ ඡේලර් මහත්තයාගේ දුරකථනයෙන් කතා කරන බව කියමින් ඔවුන් කථා කරනා බවකි.
කෙසේ වෙතත් විවිධ දුරකථන අංක වලින් ඔවුන් කථා කර ඇති බවට කරුනු හෙළි විය. එම ඇමතුම් වලදී මියගිය රැඳවියන් එම ජංගම දුරකථන සඳහා රීලෝඩ් දමන ලෙසත්, බන්ධනාගාර නිලධාරීන්ට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් එවන ලෙස දන්වන බවත් මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂිවලින් අනාවරණය විය.
කළුතර බන්ධනාගාරයට එන්නට ප්‍රථම වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිය සැමියන් ජීවිතාරක්‍ෂාව පිළිබඳ නිරන්තර අවදානමකින් පසුවූ බව භාර්යාවන් දන්වා සිටි අතර කළුතර බන්ධනාගාරයට මාරු කරන ලද්දේද එම ආරක්ෂක තත්වය නිසා බවද කියා තිබුණි.
බන්ධනාගාරය තුළදී ජංගම දුරකථන හුවමාරුව නිසා යන එන ගමන් සම්බන්ධයෙන් පිටතට ආරංචි ගිය බවත් අනවශ්‍ය ලෙස සිදුවූ විවිධ ඝාතනවලට පිරිස සම්බන්ධ වූ බවත් භාර්යාවන් පිළිගන්නා ලදි. එසේ නොවන්නට මෙම මරණ වළක්වා ගන්නට ඉඩ තිබුණ බව ප්‍රකාශ විය.
සිද්ධිය දවසේ පොලිසිය නිසි ආරක්‍ෂාව සැපයීමට ක්‍රියා කළේ නම් මෙම මරණ සිදු නොවන බවද ඔවුන් පෙන්වා දුණි.
පාතාල නායක “සමයං” මිය යන අවස්ථාවේ ඔහු සතුව රන් මුදුවක් හා රිදී මුදු තිබී ඇති අතර ඔහුගේ මුල් භාර්යාව වන කේ. පී. සුගන්දි කල්දේරා නමැත්තිය උතුරු කළුතර පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඒවා ඉල්ලා ඇති බව අධිකරණයේදී ප්‍රකාශ විය.
යම්කිසි රැඳවියකු හෝ සිරකරුවකු බන්ධනාගාරගත වීමෙන් පසු කිසිදු ආභරණයක්‌ පැළඳගෙන සිටීම තහනම්ව තිබියදී සමයංට එම නීති්ය අදාළ නොවීම ගැටලුකාරී විය. කෙසේ නමුදු පැළඳ සිටීම සත්‍ය බව හෙළිවූ නිසා ඒවා සමයංගේ මුල් භාර්යාව වන සුගන්දිට භාරදෙන ලෙසද මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.
නඩුවේ ඉදිරි විභාග සඳහා දුරකථන කීපයක්‌ පිළිබඳව පරීක්‍ෂණ වාර්තා අවශ්‍ය වූ නිසා ද්‍රරකථන සමාගම්වලට අදාළ තොරතුරු ලබාදෙන ලෙසද ඊයේ නියෝග නිකුත් කළාය.රස පරීක්‍ෂකවරයාගේ පරීක්‍ෂාවට ලක්‌වූ වෙඩි වැදුණ බන්ධනාගාර බස්‌ රථයන් බන්ධනාගාරයට භාරදීමට මහෙස්‌ත්‍රාත් භාරතී විඡේරත්න මහත්මිය  නියෝග කළාය.
වැඩිදුර සාක්‍ෂි විභාගය මාර්තු මස 24 වැනිදා දක්‌වා කල් තැබුණ අතර බන්ධනාගාර නිලධාරීන්ගෙන් එදින සාක්‍ෂි විමසීමට නියමිතය.

Related posts

ජනාධිපතිවරණය පවත්වනවා.. මුදල් වෙන් කර අවසන්..- මැතිවරණ කොමිසම දන්වයි

Shiran Viraj

මහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයි

Shiran Viraj

හමීඩියා විසින් සිය නායකත්වයට ගතික එළැඹුමක්‌ සමඟ උපාය මාර්ගික වෙනසක්‌ එක්‌ කරමින් අලුත් අවුරුද්දේ වැඩ අරඹයි

Shiran Viraj
Translate »