27.5 C
Colombo
2026-08-18
mediahumanrights.lk
International NewsLocal NewsNews

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නෞකාව මුදාහරී – නෞකා කාර්ය මණ්ඩලයෙන් ලක්රජයට තුති

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට ගෙන තිබූ ඒරීස් 13 නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මුදාහැර තිබෙනවා.
නෞකාවේ කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ තමන් ඇතුළු කණ්ඩායම නිරුපද්‍රිතව මුදාගැනීමට රජය ගත් උත්සාහ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවයි.
මේ අතර මුහුදු කොල්ලකරුවන් සහ සෝමාලියානු ආරක්‍ෂක අංශ අතර ඊයේ පස්වරුවේ අවස්ථා කිහිපයකදී වෙඩි හුවමාරු සිදුවුණා.
කෙසේවෙතත් නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද සෝමාලියානු රජය හරහා එරට ආරක්‍ෂක අංශ වෙත දැනුම්දීමක් සිදුකර තිබුණා.
ජනාධිපතිවරයාගේ දැනුම්දීමෙන් පසු සෝමාලියානු ආරක්‍ෂක අංශ තමන් රැදී සිටි නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම නතර කළ බවයි කාර්ය මණ්ඩල නිලධාරී  දිලීප නිශාන් රණවීර සදහන් කළේ.

Related posts

ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව දිවයිනට

Shiran Viraj

කොට්ටාවේ තරුණියගේ ඝාතනය ගැන සැකකරු පාපොච්චාරණයක

Shiran Viraj

අධ්‍යාත්මික නායකයින්ට පෙරමුණ ගන්නැයි ජනපති කියයි

Shiran Viraj
Translate »