31 C
Colombo
2026-02-19
mediahumanrights.lk
Local NewsNews

යසෝදරා බාලිකාවට පැන්න මහානාම බිග්මැච් සිසුන් ඇතුළෙ හිරවෙලා අලකලංචියයි

කොළඹ මහානාම විද්‍යාලයේ වාර්ෂික ක්‍රිකට් තරගාවලියට සමගාමීව එම පාසලේ 60 දෙනෙකුට ආසන්න සිසුන් හා ආදි සිසුන් පිරිසක් එක්ව ගමන් කළ රිය පෙරහැරක් අතරවාරයේ ඔවුන් පුංචි බොරැල්ලේ යසෝදරා බාලිකා විද්‍යාලයට කඩා පැන ඊයේ දහවල් මහා කලබලයක් ඇති කර තිබේ.
බීමත්ව සිටි බව කියන මෙම පිරිස බාලිකා විද්‍යාලයේ දහවල් විවේකය ලබාදෙන්නට පෙර සිසුවියන් එළියේ සිටිනු දැක තාප්පයකින් පැන පාසලට ඇතුළුවී සිසුවියන් ලුහුබැඳ ස්පර්ශ කරන්නට උත්සාහ කර තිබේ.
50 ක් 60 ක් පමණ විශාල පිරිසක් අතින් පොලු මුගුරු රැගෙන පාසලට ඇතුළුවූ අවස්ථාවේ පාසලේ මුරකරුට ඔවුන්ව පාලනය කරන්නට අපහසුවී තිබෙන අතර සිද්ධවන කලබලය දැක ගුරුවර ගුරුවරියන් එළියට බැස සිසුවියන්ට ඇතුළට යන්නට කියා පැමිණි පිරිස පසුපස ගමන් කර ඇත. එම අවස්ථාවේ ගුරුවරුන්ට හසුවේ යයි බියෙන් මහානාම සිසුන් පිරිස නැවත පාසලෙන් ඉවතට පැන පළාගිය නමුත් ඔවුන් සමග ආ සිසුන් දෙදෙනෙකු පාසල ඇතුළේ කොටුවීම නිසා ඉන් පසු තත්වය දරුණු විය.
මෙම සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු මුර කාමරයේ මුරකරුවෙකු බාරයේ කොටුවී සිටි අතර අනෙක් සිසුවා ගුරුවරුන්ගේ අඩස්සියේ පාසල් වත්තේ කොටුවී සිට ඇත. පාසලේ ගේට්ටුව අගුළු දැමීම නිසා කොටුවූ දෙදෙනාව බේරාගන්නට ඔවුනට බැරි විය. කෙසේ වෙතත් එළියේ සිටි සගයින් සිතා ඇත්තේ පාසල් වත්තේ කොටුවූ සිසුවා පමණක් ඔවුන්ට මගහැරුණ බවකි. ඔහුව නැවත එළියට එවන ලෙස එළියේ සිටි විශාල පිරිස කලකෝලහල කරන්නට වූයේ මේ අවස්ථාවේය.
යසෝදරා බාලිකාවේ දේපළ වලට අලාභ කරමින් වීදුරු බිඳිමින් මහානාම සිසුන් අශෝභනව හැසිරුණි. ආරක්ෂක නිලධාරියා 119 අමතා පොලිසිය කැඳවන්නට කටයුතු කළ නමුත් එම පිරිස තම සගයා දෙනතුරු යන්නට බැරි බව කී අතර එක් පොලිස් නිලධාරියෙකු එම අවස්ථාවේ එක්වරම පාසලේ ගෙට්ටුව ඇරියේය. එයින් ප්‍රයෝජනයට ගෙන එම සිසුන් විශාල පිරිස පාසල් වත්තට යලි පැමිණ ගුරුවරුන්ට පහරදී මගහැරුණ සිසුවා බේරාගෙන හූ කියමින් පාසලෙන් පිටව ගොස් තිබුණි.
කෙසේ වෙතත් මුර කාමරයේ කොටුවූ අමතකවූ සගයා පසුව පොලිසියට භාරදෙන්නට විදුහල් බලධාරීන් කටයුතු කරන ලදි.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.

Related posts

කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළට

Shiran Viraj

උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..

Shiran Viraj

රුසියාව සිරකරගෙන සිටි ලාංකික සිසුන් පිරිසක් අපි බේරාගත්තා..- යුකේ‍්‍රන ජනපති

Shiran Viraj
Translate »