mediahumanrights.lk
Local NewsNews

චීන ආරක්ෂක ඇමති දිවයිනට ඇවිත්

නිල සංචාරයක් සඳහා චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් චෑන්ග් වෑන්ග් මහතා දිවයිනට පැමිණ තිබේ.
චීනයට අයත් චයිනා ඊස්ටන් එම්.යූ 232 දරණ ගුවන් යානයෙන් චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතළු දූත පිරිස දිවයිනට පැමිණි බව  අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.
චීන ආරක්ෂක අමාත්‍යවරයා සමඟ 21 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් දින 03ක් මෙරට රැදී සිටීමට නියමිතය.
චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනිම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරින් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකාවේ චීන මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින්  පිරිසක් ද එක්ව තිබේ.
දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය චෑන්ග් චැන්කුවන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා ඇතුළු මෙරට මැති ඇමතිවරුන් සහ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම සාකච්ඡාවන් වලදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ආරක්ෂක සබඳතා සහ කලාපිය ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා සංචාරයට පෙර චීන ආරක්ෂක අමාත්‍යවරයා බංග්ලාදේශයේ සහ නේපාලයේ සංචාරයක නිරත විය.
(under the courtesy of adaderana news web)

Related posts

ඔස්ට්‍රේලියානු බංග්ලාදේශ තරගය ජය පරාජයෙන් තොරයි

Shiran Viraj

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘මිල්කෝ කිරිගොවි අභිමන්’ ජාතික උළෙල පැවැත්වේ

Shiran Viraj

ලෝකයේ වැඩිපුරම පිටිකිරි බොන රටවල් අතර ලංකාව මුල් පෙලට…

Shiran Viraj
Translate »