27.2 C
Colombo
2026-08-20
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

පබා බබා සමග මුල් වරට

ප්‍රකට නිළි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වාර්ණමාලී සිඟිති දියණියකගේ මවක බවට පත්වී තවම මාස 3 කි. ඇගේ රසික රසිකාවියන්ට මුල්වරට ඇය දියණිය පෙන්වූයේ සිඟිති අතක කොටසක් ලෙස පමණි. දරුවාගේ වැඩ අතර ඇය පුවත්පත් කැමරාවකට නිරාවරණය වෙමින් මුල්වරට දියණියගේ හැඩරුව අන් අයට පෙන්වන්නට පසුගියදා කටයුතු කර තිබුණා. එම අවස්ථාවේ ඇය දියණිය ගැන අලුත් තොරතුරුත් පවසා තිබුණා. ‘අපේ දුව ධනුජී ෂැනන් පෙරේරා. මාස තුනයි. දුව ඉපදුණ දවසේ නම් හුඟක් අය කිව්වේ සමන්ත වගේ කියලා. එ් ප‍්‍රතිචාරවලට සමන්ත හුඟක් සතුටු වුණා. එතකොට මට නම් එ් ගැන ඊර්ෂ්‍යවක් ඇති වුණේ. මං වගේ කියලා කවුරුත් කිව්වේ නැති නිසා. එ්ත් දැන් නම් දුවගේ හැඩරුව මං වගේ කියලයි හුඟ දෙනෙක් කියන්නේ. මව් පදවිය ලබන්න ආසාවෙන් ඉන්න කාලේ වගේ නෙමෙයි මව්පදවිය ලැබුවාට පස්සේ. එ්ක හිතන තරම් ලෙහෙසි නැහැ. පැය විසිහතරම කාර්යබහුලයි. දරුවා එක්කම ඉන්න ඕන. අපිට වගේ නෙමෙයි.
නොතේරෙන වයසත් එක්ක එයාගේ හැම හැඟීමක්ම අපිට තේරුම් ගන්න වෙනවා. අඬනකොට අඬන්නේ මොන
අපහසුතාවටද කියලා හිතන්න අමාරුයි. ජීවිතේ විඩාබරයි. හරිම මහන්සි ගතියක් දැනෙනවා. දරුවා ලැබෙන්න ඉන්නකොට වේදනා වින්දා. එ් වේදනා බරින් නිදහස් කියලා හිතුවා දරුවා ලැබුණාට පස්සේ. එ්ත් තව වගකීමක් දරන්න වුණේ. නමුත් මට එ් දේ බරක් විදිහට දැනෙන්නේ නැහැ. විඩාබර ගතිය නොදැනෙන තරම්ම ජීවිතේට වෙනසක් දැනෙනවා. මේ ජීවිතේ හරිම සුන්දරයි.
මම එයාගේ වැඩ වෙන කෙනෙක්ට කරන්න දෙන්නේ නැහැ. මගේ අම්මත් තවකෙනෙකුත් උදව්වට ඉන්නවා. මගේ උදව්වට කවුරු හිටියත්. මම දන්නේ නැති දෙවල් අම්මාගෙන් හරි අහලා එ් දේ මම තනියම කරනවා. කාටවත් පවරලා මම නිදහසේ ඉන්නේ නැහැ.
සමන්ත කියන්නේ ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වෙන කෙනෙක්. එයාගෙන් මට ගෙදර වැඩට හෝ මට උදව්වක් බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් ජීවන වියදම හොඳටම දැනෙනවා. එයා ආර්ථික මට්ටමින් ශක්තිමත් වෙලා ඉන්න ඕන. එ්කට එයාට මගේ සහයෝගය දෙන්න වෙන්නේ එයාට අවශ්‍ය නිදහස දීලයි. මගේ වයසත් එක්ක බලද්දී සමන්ත මට වඩා ටිකක් වැඩිමහල්. එයා ජීවිතේ පරිණත බව විඳිනවා. මම හිතන්නේ එ් නිසාම එයා මාව තේරුම් අරගෙන ඉන්නේ. එ්ත් මුල් දවස්වල නම් මම සමන්තගේ ආදරේ ඉල්ලමින් දැවටුණා පොඩි එකෙක් වගේ. දැන් මගේ ආදරේ අඩු වෙලාද කියලා එයාගෙන්ම අහලා බලන්න ඕන.
මම දුව එක්ක වැඩිපුර කාලයක් හිටියත් මැරෙනකල්ම රඟපාන්න ආසයි. මට සමන්තගෙන් නීති වැටිලත් නැහැ, රඟපාන්න එපා කියලා. පවුලේ ආර්ථිකයට ශක්තියක් වෙන්න මමත් කැමැතියි .
(සාකච්ඡාව – හර්ෂණී වීරරත්න -ඡායාරූප – චමිල කරුණාරත්න) – ගොසිප් ලංකා News

Related posts

වල්ලපට්ටා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Shiran Viraj

තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…

Shiran Viraj

කිවුව දේ ඇහුවේ නෑ.. කොරෝනා 04වන අදියරට එනවා.. දරුණු ලෙස සමාජය ගිල ගන්නවා…- GMOA

Shiran Viraj
Translate »