27.2 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsSportsSports News

බංග්ලාදේශය මුල්වරට ටෙස්ට් තරගයකින් ලංකාව පරාජය කරයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය අද වාර්තා කළේය. බංග්ලාදේශයේ 100 වැනි ටෙස්ට් තරගය වූ මෙය ඔවුන්ට විශේෂ සටහනක්ද විය.
අද ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් හඹා ගිය, බංග්ලාදේශ ක්‍රීඩකයින්, කඩුලු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී සීමාව පසු කළ අතර බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකීක ක්‍රීඩකයින් දෙපලක් වන චන්දික හතුරුසිංහ සහ තිලාන් සමරවීර කටයුතු කිරීමද විශේෂ විය.
බංග්ලාදේශයට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග ජයග්‍රහණයක් සඳහා වසර 16 ක් බලා සිටීමට සිදුවිය. පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩයම සියලු දෙනා දැවී ලකුණු 338 ක් රැස් කළ අතර, ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ, බංග්ලාදේශ ක්‍රීඩකයින්, සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 467 කි. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 319 ක් රැස් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුලු 2 ලකුණු 22 ක් තුළදී බිඳ වැටුණි.
තමීම් ඉක්බාල් ලකුණු 82 ක් රැස් කළ අතර, සෞම්‍ය සාකර් ලකුණු 10 යි.
ශබීර් රහමන් ලකුණු 41 ක් රැස් කළේය.
ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවූ නිසා දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 – 1ක්ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
 

Related posts

ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…

Shiran Viraj

අපචාරයකට චෝදනා ලැබූ චීවරධාරියෙක් අත්අඩංගුවට

Shiran Viraj

ඩොලරය යළිත් ඉහළ යයි

Shiran Viraj
Translate »