27.8 C
Colombo
2026-09-29
mediahumanrights.lk
Local NewsNews

සේවක වර්ජනයෙන් ජල සැපයුමට බාධා


තම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක පවසනවා.
එහෙත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ. ඒ.අන්සාර් කියා සිටියේ සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී නොමැති බවයි.
තම සේවා තත්ත්වය පහත හෙලීම සහ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමය සහ කාර්මික නිළධාරින්ගේ සංගමය එක්ව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ පසුගිය 09 වැනිදායි.
ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක කියා සිටියේ මාතර, වැලිගම, කරගොඩ, උයන්ගොඩ සහ මිරිස්ස ආදී ප්‍රදේශවල ජල සැපයුම මේ වනවිට අඩාල වී ඇති බවයි.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ. ඒ. අන්සාර්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වර්ජනය හේතුවෙන් ජල සැපයුමට බාධා සිදුවී නොමැති බවයි.

Related posts

කිසිදු සෙබලෙකු දැන් සමාජයේ කොරෝනා ආසාදිත වන්නේ නෑ.. සියළු ආසාදිතයන් කදවුරු ඇතුලෙන් පමණයි..

Shiran Viraj

අලුත්ගමගේ ආණ්ඩුවට තුති පුදයි

Shiran Viraj

අත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්න

Shiran Viraj
Translate »