27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
International NewsLocal NewsNews

අගමැතිට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්

ඕස්ට්‍රෙිලියානු නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරට විශ්වවිද්‍යාලයකින් ගෞරව සම්මාන ආචාර්ය උපාධියක් ලබාදී තිබේ.
ඔස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී නීති විෂය සම්බන්ධයෙන් මෙම ගෞරව සම්මාන ආචාර්ය උපාධිය පිරිනමා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්ෂේත්‍රයේ උන්නතියට කරන ලද දායකත්වය සංකේතවත් කරමින් මෙම ජාත්‍යන්තර ඇගයීම හිමිව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඩේකින් විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශිකාව පවසා ඇත්තේ ප්‍රතිසන්ධානය කෙරෙහි අවශ්‍යතාව අවධාරණය කිරීමත්, ගැටුම් නිරාකරණය කරමින් වගවීම සඳහා සිදුකරනු ලබන මෙහෙය මෙන්ම අනාගතය කෙරෙහි ඒ වෙනුවෙන් බලාපොරොත්තු තබාගත හැකිවීම නිසා රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස ගෞරව සම්මානයකින් පිදුම් ලැබූ බවයි.

Related posts

මා ජනාධිපති වීම වැලැක්වීමට ලොකු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- අනුර

Shiran Viraj

‘සාමාන්‍ය යාන්ත්‍රණය ඉක්මවා මෙහෙයුම් අවශ්‍යයි’ – ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිගෙන් කඩිනම් උපදෙස්

Shiran Viraj

එජාප පහක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?

Shiran Viraj
Translate »