mediahumanrights.lk
Local News News Political

රණවිරුවන්ට දඩුවම් දෙන්න කිසිඳු අවස්ථාවක ඉඩ දෙන්නේ නෑ

අතුරුදන්වූවන්ගේ පනත හරහා රණවිරුවන්ට දඩුවම් පැමිණවීමට කිසිඳු අවස්ථාවක කටයුතු නොකරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
යුද්ධය මුවාවෙන් වෙනත් වැරැදි සිදු කළ පුද්ගලයින්ට දඩුවම් ලබාදීම සිදු කරන අතර රණවිරුවන්ට දඩුවම් ලබාදීමට වත්මන් රජයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කළේය.
දෙමළ ඩයස්පෝරාව ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇත.
යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ බව සඳහන් කළේය.
මේ අතර මෙම උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිනිය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ද මුණගැසී සාකච්ඡා කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

අල්ලස පිටුදකින්න CIABOC ජනගත වේ

Shiran Viraj

අනතුරින් 1ක් එලොව යයි

Shiran Viraj

හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

Shiran Viraj