24.5 C
Colombo
2026-10-07
mediahumanrights.lk
International NewsLocal NewsNews

රාජ්‍ය ආයතන විකුණන හැටි IMF කියයි..

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්ම අංගය බදු ගෙවන්නන් විසින් අවසානයේ ආපසු ගෙවීමට සිදුවන පාඩු හෝ ණය සමුච්චය වීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් විචක්ෂණශීලී ආකාරයකින් කළමනාකරණය කිරීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී Katsiaryna Svirydzenka පෙන්වා දෙන්නේ එබැවින් රාජ්‍ය ව්‍යවසායන් රජය සතුව තිබියදී විචක්ෂණශීලීව කළමනාකරණය කළ හැකි බවයි.

නැතහොත් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම විකුණා දැමිය හැකි බවත් ඇය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසන්නේ ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ජනතාව රට හැර නොයන තත්ත්වයකට අනාගතයේ දී පත්වෙනු ඇති බවත් පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට අමතමින් ඔවුන් මේ බව සදහන් කලහ.

Related posts

ඩොලර් නෑ.. චීනය-ඉන්දියාව-ඔස්ට්‍රේලියාව ආදී රටවල් ලංකාවට ආහාර සැපයීම සීමා කරයි.. ආහාර හිගයක් අතේ දුරින්..

Shiran Viraj

අධිකරණ අමාත්‍යතුමිය වැඩ අරඹයි

Shiran Viraj

අහඹු පරීක්‍ෂණයකින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකුට කොරෝනා..

Shiran Viraj
Translate »