mediahumanrights.lk
Local NewsNews

සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඝාතනයක්…

යාපනය චාවකච්චේරි ප්‍රදේශීය ලේකම් කාර්යාලය සේවයේ නිරත සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගේ මරණය ඝාතනයක් බවට සැකකරමින් ඇගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත පරික්ෂණ කටයුතු ආරම්භ කොට ඇතැයි කෝපායි පොලීසිය පැවසීය.

පසුගිය පෙබරවාරි මස 08 වනදා ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් 35 හැවිරිදි තමිලනී සතීස් මහත්මිය දරුණු පිලිසුම් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල අතර ඒ් වන විටත් ඇය මාස 06 ගැබිනියක්ව සිටයද පෙබරවාරි 16 වන දින ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය සහ ඇගේ දරු ගැබද බේරා ගැනීමට නොහැකිව මිය ගියාය.

පසුව සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගේ සැමරියා පොලීසිට පවසා සිටියේ සිය බිරිඳ කාමරයක් තුල ඉටිපන්දමක් දැල්වීමට යාමේදී එකවරම සිරුරට ගිනිගැනීමෙන් පිලිසුම් තුවාල ලද බවටය.

අනතුරුව යාපනය ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරික්ෂණය සිදුකල අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේම්කුමාර් නාමසිවාම් මහතා විසින් සිදුකල අතර ඉදිරිපත් වූ සාක්ෂි පදනම් කරගනිමින් යාපනය ශික්ෂණ රෝහලේ හිදීසි මරණ පරික්ෂක එස් ජෙයබාලන් මහතා විසින් මෙම මරණය සියදිවි හානිකරගැනීමක් බවට නිගමනය කරන ලදි.

කෙසේ වෙතත් සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගේ සිරුර භූමදානය කල අතරම ඇගේ පියා විසින් සිය දියණියගේ මරණය පිළිබඳව සැමියා සැකකරන බවටත් එම මරණය ඝාතනයක් බවට සැකකරුන බවටද පවසා කෝපායි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

මේ හේතුවෙන් අදාල පැමිණිල්ලට අනුව අධිකරණයට කරුනු ගොනුකොට ඉදිරි පරික්ෂණ කටයුතු සිදුකරන බවටද කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

අන්තිම තරග හතරේ ශ්‍රී ලංකා කණ්ඩායම අතහැරි උඩපන්දු ලැයිස්තුව මෙන්න

Shiran Viraj

මැතිවරණයට අදාළ නීති කෙටුම්පත් සකස් කර අවසන්

Shiran Viraj

‘තෝ දැනගනිං, ඉතාලිය මිනිස්සුන්ට ආදරෙයි.. හිරකරල නෑ..’- ඉතාලි නෑම්බියක් නියෝජ්‍ය පොලිස්පතිට බැණ වදී…

Shiran Viraj
Translate »